තමන්ට ඉදිරියෙන් සිටි දැවන්තයන් පසු කර බංගලාදේශයේදී විරේන් පෙරමුණට

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 22,(LNW)කොළඹ :

බංගලාදේශයේ පැවති YONEX-SUNRISE Bangladesh International Challenge 2024 බැඩිමින්ටන් සූරතාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ජාතික සූරයා මෙන්ම 2024 පැරිස් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ විරේන් නෙත්තසිංහ සමත් වුණා.මෙහි විශේෂත්වය වන්නේ විරේන් මෙම තරගාවලියේ අවසාන පූර්ව තරගයේදී මෙන්ම අවසන් තරගයේදී ද පරාජයට පත් කළ ක්‍රීඩකයින් දෙදෙනාම,ඔහුට වඩා ඉදිරි ශ්‍රේණියක සිට පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කළ ක්‍රීඩකයින් වීමයි.


පවතින තත්ත්වයට අනුව තමන්ට වඩා දක්ෂයන් ලෙස ලෝකය පිළිගන්න ක්‍රීඩකයින් දෙදෙනෙකුම එකම තරගාවලියක ආසන්න තරග දෙකකදී පරාජය කළ විරේන්,තරගාවලිය පුරාම සෑම තරගයක්ම වට 2-0 ක් ලෙස නිමා කිරීමත් කැපී පෙණුනා.අවසාන තරගයේදී විරේන් විනාඩි 40 ක කාලයක් තුළ කැනඩාව නියෝජනය කළ ෂියාවෝඩොන්ග් ෂෙන්ග් ලකුණු 21 – 12 සහ 21 – 17 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.


පැවති ආබාධ තත්ත්වය නිසා ඔලිම්පික් තරගාවලියෙන් පසුව යම් නිහඬ කාලයක් ගත කළ විරේන්,මේ වන විට සුවපත්වීමෙන් ඉනික්බිති ඉතා හොඳ තත්ත්වයක ප්‍රවේශයක් ලබාගෙන සිටිනවා.ජාතික සූරතාවලියේදී තමන් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩකයා බව සනාත කළ විරේන්,ඒ උණුසුම පිට සහභාගි වූ බංගලාදේශ තරගාවලිය ඉතා පහසුවෙන් තමන්ට වඩා ඉදිරියෙන් සිටින ක්‍රීඩකයින් පරාජය කර ගනිමින් ජය ගැනීම 2028 ඔලිම්පික් ගමණට ද ශ්‍රී ලංකාවෙන් විරේන්ගේ සහභාගීත්වය සනාත කිරීමක් බඳු වූවා.


වෙනදාට වඩා වැඩි පිරිසකට ජාත්‍යන්තර තරග අවස්ථා ලැබෙන සේ ශ්‍රී ලංකා බැඩිමින්ටන් අවස්ථා විවෘත කර තිබීම වැදගත් වන අතර මෙවර බංගලාදේශ තරගාවලයට ද ශ්‍රී ලංකාවෙන් දොළොස් දෙනෙකු ඉදිරිපත්ව සිටියා.ඒ අතරින් එක් ක්‍රීඩකයෙකු හැරෙන්නට අන් සියල්ල තරගාවලිය නියෝජනයට එක්ව සිටි අතර තවමත් 15 හැවිරිදි වියේ පසුවන ඉසුරි අත්තනායක සහ සිතුම් ද සිල්වා මෙහි අවසන් පූර්ව තරග දක්වා පිවිසීමද ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් අනාගතයට වැටී තිබෙන අඩිතාලම ශක්තිමත් වෙමින් තිබෙන බවට පෙන්නා දුන් උදාහරණයක් ලෙස ගත හැකියි.


දැනට ක්‍රියාත්මක ප්‍රාදේශිය මට්ටමෙන් අලුත් අංකුර සොයා ක්‍රීඩාවෙන් පොහොසත් කිරීමේ පුහුණු වැඩ සටහන් මෙන්ම,බැඩිමින්ටන් හා සම්බන්ධ පුහුණුකරුවන්,විනිසුරුවන් දැණුමෙන් පොහොසත් කර යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදයද සමඟ බැඩිමින්ටන් නිතර සක්‍රීයව පැවතීම අගය කළ යුතුයි.මේ සඳහා බොහෝ විට ශ්‍රී ලංකා බැඩිමින්ටන් වෙත ස්වීය ආයතනික අනුග්‍රහය යොමු කරමින් කටයුතු කරන වත්මන් සභාපති රොහාන් ද සිල්වාගෙන් ඉනික්බිතිව මේ තත්ත්වය ආරක්ෂා කර ගැනීම සිඳු කරන්නේ කෙසේද යන්නත්,ලංකාවේ බැඩිමින්ටන් සමාජය මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයද අවධානය යොමු කළ යුතුව තිබෙන අභියෝගයක් ලෙස සැළකිය හැකියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...