ගුරුවරු පිරිසකට වැටුණු ටියුෂන් තහනම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ (LNW):

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ මහත්මියගේ අත්සනින් යුතුව, බස්නාහිර පළාතේ ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල මුදල් අයකර අමතර පංති පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක සහ සියලු විදුහල්පතිවරුන් වෙනුවෙන් වන අතර, පළාතේ ඇතැම් ගුරුවරුන්, තම පාසලේ සිසුන්ට බාහිර ස්ථානවලදී මුදල් අය කර අමතර පන්ති පවත්වන බවට තොරතුරු වාර්තා වී ඇතැයි, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්  නිශාන්ති ජයසිංහ මහත්මිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමේ තීරණය සම්බන්ධයෙන් සියලු ගුරුවරුන් දැනුවත් කර, ඔවුන් දැනුවත් වූ බවට සහතික ලබා ගත යුතු බවත්, අදාළ උපදෙස් නොසළකා හරින ගුරුවරුන් සම්බන්ධයෙන් විනයානූකූලව කටයුතු කරන බවත් ය. එවැනි තහනමක් පළමුව පැනවූයේ සබරගමුව පළාත තුළයි. අනතුරුව, මධ්‍යම පළාත් සභාව ද එම තහනම ක්‍රියාත්මක විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...