මුලින්ම දහම් පාසලෙන් ගිය ට්‍රිප් එකෙන් තමයි මම ප්‍රිය ප්‍රියාව අඳුරගත්තේ. ඒ බස් එකේ පිටිපස්සේ සීට් එකේ ආධිපත්‍යය දරා හිඳ සිටි ලොකු අයියලා අක්කලා සුදු පරවි රෑන සේ පියා සලා කියන සිංදුව ආරම්භ සිංදුව විදිහට කියන්න ගතත් එක්ක.
ඊටපස්සේ ඉතිං පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ සිංදුව ඒ එක්කම නොනවතින ගී රැල්ලක් වගේ ගැයෙනවා. මේ සිංදුවේ අගට යනකොට අයියලා අක්කලා මේක කීවේ පියාටත් සොරා මම ඔබ සොයා එමි රැයේ නවාතැන මගේ ඔබේ ඇද යටයි සොඳුරියෙ කියලා. ඊටපස්සේ ඉතිං එක දිගට ලිහිනින් රෑන පියා සලන්නෙ, මාගේ සැමරුම් පොතේ, රටකින් එහා, හිරුද මුවාවී වගේ සිංදු ගැයෙනවා.
මෙහෙම අඳුරගත්ත ප්‍රියා පස්සේ පස්සේ අපිට නැතිවම බැරි ගායකයෙක් වෙනවා. පතල් වාඩි බජව් වල ප්‍රියාගේ ගීත ගැයෙන්නේ උස් හඬින්. හකු ඇරලා වොලියුම් අප් කරලා ගමේ එහා කෙළවරට ඇහෙන්න කියන්න පුළුවන් සිංදු තමයි ප්‍රියාට තිබ්බෙ. ඒක තමයි ප්‍රියාමය සංගීතය.
මගෙ සැමරුම් පොතේ, ආපසු එනවා, රටකින් එහා ඉගිල්ලී, සඳ තාරුකා හඬාවි වගේ සිංදු කියන්නේ ඉතිං ආයේ බජව් හොලවන සිංදු. හොඳටම වැදුනට පස්සේ ඉතිං මුලු ගමම මේ සිංදු නදින් මනමත් වීම සාමාන්‍යයක්.
ඔය අස්සේ උසස් පෙළ කරන කාලේ අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් හිටියා මිනිහා ඉන්ටවල් එකේ ගුරෙක් නැති පීරියඩ් එකක් ආවොත් බජව් ගත උනොත් කීවෙම ප්‍රියාගේ සහ මිල්ටන් ගෙ සිංදු. හැබැයි මිනිහට හොඳටම කියන්න පුළුවන් උනේ ප්‍රියාගෙ සිංදු. ඉතිං අපි ඉස්කෝලේ කට් කරලා බොන්න යනකොට බිග් මැච් පාටිවලට නිවාසාන්තර පාටි වලට යනකොට මිනිහා හයර් කරනවා මේ සිංදු අහන්න ඕනී නිසාම. ප්‍රියා කියන්නේ ඒවගේ ජීවිත කාර්තුවකට.
ප්‍රියාගේ ප්‍රිය ආර මම නම් හඳුනගන්නේ අධිවේගී දුම්රියක් වගේ. සිංදුව 100ට තමයි ගැයෙන්නේ. හැබැයි ගීතයෙ ආත්මය ඒ හැඟීම් තාල විඳීම් හැම දෙයක්ම උපරීමයෙන් ඒ තැන්වල විසිරිලා පැතිරිලා තියෙනවා. ප්‍රියාට කවුරු මොන සිංදුව ලීවත් සංගීත්වත් කළත් ඒ රහට තමයි ප්‍රියාගේ ගැයීම තිබ්බේ. ඇත්තටම ඒක අනන්‍ය ගැයීමක්. ප්‍රියාගේ පුතාටත් ඒ හැකියාව උපරීමයෙන් තියෙනවා කියලයි මට හිතෙන්නේ.
ඔන්න ඔහොම ප්‍රියාගෙ සිංදු අහන්න පටන් ගත්ත අපි කොළඹ ආවාට පස්සේ ඒවායේ රස උපරීමයෙන් විඳින්න උනා. ඒකට එක හේතුවක් තමයි ප්‍රිය රස සාහිත්‍ය අහන්න ලැබීම. ප්‍රේම් ගෙන් සිංදුවක් ලියාගන්න ගිය ප්‍රියා චාටර් උන හැටි පස්සෙ ගල් බෝතලයක් පත්තරේ ක ඔතාගෙන ගිහිං ‘අප දෙදෙනා අද වාගෙම හෙට හමුවිය යුතුවේ. අද දවසෙ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ’ සිංදුව ලියාගත්ත හැටි.. මේ කතා ඇත්ත නැත්ත මොකක් උනත් අපී වින්දා. ඒ රස සාගරේ අස්සේ ඉදලා තමයි අපි ඊළඟ කාර්තුවේදි ප්‍රියා විඳින්නේ.
ඒ විඳීම පරිපූර්ණයි කියලයි මට හිතෙන්නේ.
ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනහවකින්, අඳුර අඳුර මගේ, බිඟු වැලපීලා මල් පරවෙලා, ඇසුරින් මිදීලා, මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා, වගේ ගීත අපි ඒ නව පිස්සුවෙන් තමයි රස වින්ඳේ. ඒක අපේ ජීවිතේ රිදුම එක්ක ගැළපුනා ජාඩියට මූඩිය වගේ. අපේ ඒ ආත්මීය රිදුම සංගීත රහට විඳින්න පුළුවන් උනා ප්‍රියාගේ මේ ප්‍රිය ගීතාවලිය නිසා.
ඉතිං ප්‍රියා දෑස පියාගෙන. ප්‍රියා දෑස පියා ගත්තත් අපේ දෙසවන් ප්‍රිය සංගීත සාදයෙන් ඈත්කරන්න දෙයියන්ටවත් බෑ. ප්‍රිය සංගීතය ඒ තරමටටම අපිට ප්‍රියයි. ඒ නිසා ප්‍රියා සුව නිදි යහනක සැතපුනත් ප්‍රිය සංගීත රාත්‍රිය තවමත් අවසන් නෑ. තවම එය පටන් ගත්තා විතරයි. තවමත් අපිට ප්‍රිය සංගීත රාත්‍රිය තරුණයි..!
ඉතිං ඔබට දිගු සුව නින්දක්…!!!
~ කේ. සංජීව
RN