*
Thursday, December 26, 2024
spot_img

Latest Posts

ටියුෂන් සෙල්ලම සහ ඇමෙරිකානු සිහිනය ….

”ටියුෂන් සෙල්ලම” කියන්නේ 1978න් පස්සේ ලංකාවේ ගුරුවරු හෝ ගුරුවරු වෙන්න පුළුවන් කියල හිතපු මිනිස්සු තමන්ගේ කුසලතා, දක්ෂතා, පෞර්ෂය, කටකාරකම, ෆැෂන්, මාකටින්, වගේ නොයෙක් නොයෙක් දේවල් පාවිච්චි කරලා පුද්ගල හැකියාව එක්ක සල්ලි හම්බුකරන්න ගත්තු එක්තරා ජනප්‍රිය ප්‍රවේශයක්. සමහර ටියුෂන් ගුරුවරු තනිකරම මේක සල්ලි හම්බකරන තලයේම අරන් ගියේ නැහැ. ඒ වෙනුවට පුද්ගල දක්ෂතා සහ හැකියාවන් පෙන්නීමේ අවකාශයක් හැටියටත් පාවිච්චි කළා. ඒකෙන් සල්ලිත් ආව.

සල්ලි හම්බකරන එක පවක් නෙවෙයි කියන එක ධනවාදී ක්‍රමය ඇවිල්ල දශක පහක් හයක් ගෙවිලත් අපේ සමාජය අවබෝධකරගෙන නැහැ.

සල්ලි හොයන්න මිනිස්සු නොයෙක් නොයෙක් දේ කරන්න ඕනි. අත්හදා බලන්න ඕනි. හරියන්න පුළුවන්. වරදින්න පුළුවන්. නමුත් ඒ සඳහා පුළුල් අවකාශයක් තියෙන්න ඕනි.

ධනවාදයේ මූලික නිජභූමිය වෙච්ච ඇමෙරිකාව මේ මුල්‍ය වෙළඳපළ ක්‍රමයේ ආගමනයත් එක්ක එක්තරා සිහිනයක් එක්ක වැඩකළා. ඒකට කිව්වේ ‘අමෙරිකන් සිහිනය’ කියල. ඇමෙරිකන් සිහිනය ඇතුලේ මිනිසෙක් ද්‍රව්‍යමය – ලෞකික වශයෙන් සාර්ථක වෙන්න ඕනි ඒ සමාජයේ පවතින්න නම්.

සල්ලි මිල මුදල්, සමාජ පිළිගැනීම, පොහොසත් බව, යාන වාහන, ගැහැණු, රැකියා යන හැම දෙයින්ම මිනිසෙක් ”සාර්ථක” වෙන්න ඕනි. මේ සාර්ථක බව වෙනුවෙන් රාජ්‍යය හැම අතින්ම පහසුකම් සපයනවා. මේක ඉතාම සංකීරණ දෙයක්. ආගමික හෝ එසේ නොවන හොඳ නරක පාදක කරගෙන පැතලි විදියට මේ දිහා බලන්න බැහැ.

ඇමෙරිකන් සිහිනය කියන්නේ හැම අතින්ම සුදු පාට දෙයක් විතරක් නෙවෙයි. එහි ගොඩක් ලොකු කළු අන්තර්ගතයක් තියනවා. මේක රාජ්‍යය නොදන්නවා නෙවෙයි. හැබැයි එහෙම යන්න දීල තියනවා. ඒ තමයි ධනවාදයේ හැටි. මේ ක්‍රමයේ ඉන්නවා නම් ඒක එක්ක ඇත්තටම ඉන්න. ගැප් එකක් තියාගෙන සැක සහිතව ඉන්න එපා.

ඇමෙරිකාව ඇතුලේ මේ ඇමෙරිකානු සිහිනයේ කළුම කළු අන්තර්ගතය බලන්න ඕනිනම් Casino (1995) කියන චිත්‍රපටිය බලන්න. ඒකෙ තියන ගුප්ත නොපැහැදිලි අඳුරු බව බලන්න නම් The Great Gatsby (2013) කියන චිත්‍රපටිය බලන්න. There will be Blood (2007) කියන්නෙත් හොඳම එකක්. තව ගොඩක් තියනවා.

මේවා සරල හොඳ නරක ඇතුලේ තේරුම්ගන්න බැහැ. මේ චිත්‍රපටවල ඉන්න හැම චරිතයක්ම නිට්ෂයානු සරතුස්තා චරිත. මේ පවතින හොඳ නරක ඇතුලේ විතරක් ඔවුන්ගේ චරිත මනින්න බැහැ. මේ ක්‍රමය යන්නේ තමන් පුද්ගලිකව ගහන ගේම් එකේ දක්ෂතාව මත. ඒක තමයි ඇත්ත.

මේ ක්‍රමය එක්ක නම් ඉන්නේ මේ ක්‍රමය එක්ක මිනෙන්න යන්න එපා! Don’t f*k with this system!

~ මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan