කුකුළු මස් කිලෝවක් අල්ලස් ගත් ආදායම් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් අල්ලස් වශයෙන් ලබාගත් දෙදෙනෙකු කොස්ගම ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කරන ආදායම් නිලධාරියෙකු සහ මීරිගම ප්‍රාදේශීය සභාවේ මාර්ග අංශයේ සේවය කළ කම්කරුවෙකි.

කොස්ගම ප්‍රදේශයේ වෙළඳසැලක හිමිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැටළීම සිදුකර ඇත.

පැමිණිලිකරුගේ වෙළඳසැලට 2025 වසරට අදාළ වෙළඳ බලපත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා මෙම සැකකරුවන් දෙදෙනා රුපියල් 1170ක් වටිනා කුකුළු මස් කිලෝවක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර සැකකරුවන් දෙදෙනා පැමිණිලිකරුගේ වෙළඳසැල ඉදිරිපිටදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් දෙදෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...