සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය හිටපු අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්තව ඇති බව වාර්තා වේ.
ඔහු නිදහස් ඉන්දියාවේ 2004-2014 දක්වා දීර්ඝතම අගමැතිවරයා ලෙසත් ඊට පෙර මුදල් අමාත්‍යවරයා ලෙසත් ප්‍රධාන ලිබරල්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණවල ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස සැලකේ.
1932 සැප්තැම්බර් 26 වන දා උපතලද මන්මෝහන් සිං මියයනවිට හෙතෙම 92වන වියේ පසු වූ අතර හදිසියේ නිවසේදී සිහසුන් වීම හේතුවෙන් නවදිල්ලියේ ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයට ඇතුළත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය තත්වය අයහපත් අතට හැරීම නිසා මෙලෙස මියගොස් තිබේ.
ඔහුගේ වියෝව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, “ඉන්දියාව එහි වඩාත්ම කීර්තිමත් නායකයෙකුගේ වියෝව ගැන ශෝක වන” බවයි.
1932 දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින ඉන්දියාවේ කොටසක දිළිඳු පවුලක උපත ලැබූ සිං කේම්බ්‍රිජ් හා ඔස්ෆාර්ඩ් යන විශ්ව විද්‍යාල වලින් සිය උසස් අධ්‍යාපනය ලබා ගනු ලැබිය. ඔහු ඉන්දියාවේ අපනයන සහ නිදහස් වෙළඳාමේ කාර්යභාරය පිළිබඳ නිබන්ධනයක් සමඟ ආචාර්ය උපාධියක් ද ලබා ගත්තේය.
ජවහර්ලාල් නේරුගෙන් පසු පූර්ණ පළමු ධුර කාලයෙන් පසු නැවත තේරී පත් වූ පළමු ඉන්දීය නායකයා සිං වන අතර රටේ ඉහළම තනතුර දැරූ පළමු සික් ජාතිකයා විය. සීක් ජාතිකයන් 3000ක් පමණ ඝාතනය කළ 1984 කැරැල්ල සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.
ඔහු ගෞරවනීය ආර්ථික විද්‍යාඥයෙකු බවට පත් වූ අතර, එවකට ඉන්දියාවේ මහ බැංකු අධිපති සහ රජයේ උපදේශකයෙකු විය 1991 වසරේදී ඔහු මුදල් අමාත්‍යවරයා වශෙන් පත් වීමත් සමඟ 1996 දක්වා වූ එම ධුර කාලය තුළ, ඉන්දියාවේ ආර්ථිකය දැඩි ගෙවුම් ශේෂ අර්බුදයකින් ගලවා ගත් ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුනවා දීමට සමත් විය.
සිංගේ ආන්ඩුව, ග්‍රාමීය දුප්පතුන් සඳහා රැකියා වැඩසටහනක් වැනි සුභසාධන යෝජනා ක්‍රම හඳුන්වා දෙණු ලැබූ අතර 2008 දී, ඔහුගේ ආන්ඩුව නව දිල්ලිය සහ වොෂින්ටනය අතර ශක්තිමත් සබඳතා සඳහා මාවත විවර කරමින් දශක තුනකට පසු පළමු වතාවට එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික බලශක්ති සාමකාමී වෙළඳාමට අවසර දුන් සන්ධිස්ථානයක් ද ලබා ගත්තේය.
එමෙන්ම , සිං ඇෆ්ගනිස්ථානයට මූල්‍ය ආධාර වැඩි කළ අතර වසර 30කට ආසන්න කාලයක් එරටට පැමිණි පළමු ඉන්දීය නායකයා බවට පත්විය.
මන්මෝහන් සිං වචන ස්වල්පයක් ඇති මිනිසෙක්වූ අතර ඔහුගේ සන්සුන් හැසිරීම කෙසේ වෙතත් ඔහු බොහෝ රසිකයින් දිනා ගත්තේය.