රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක්!

Date:

කොළඹ LNW:දූෂිත රාජ්‍ය නිලධාරීන්ට අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්තා මහතා විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට මහජන දිනයක් වෙන්කර තිබුණු අතර එහිදී මහජනතාවගෙන් රාජ්‍ය නිලධාරීන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල වුණු බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

රාජ්‍ය සේවකයින් අල්ලස් ගනිමින් වැඩකරන ආකාරය ගැන මහජනතාව තමන්වෙත පැවසූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එවැනි ලැයිස්තුවක් තමන් සතුව ඇති බවද ලාල් කාන්ත මහතා පවසා ඇත.

ජනතා සුනාමියෙන් නරක දේශපාලනය ගහගෙන ගිය අතර ඊළඟ සුනාමිය පැමිණෙන්නේ රාජ්‍ය සේවකයින් වෙත බවද අමාත්‍යවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...