අලි ගැටළුවට නව විසඳුමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ (LNW):

දිගින් දිගටම ගැටලුවක්ව පවතින වන අලි තර්ජනයට විසදුමක් ලෙස, කොන්ක්‍රීට් කණු මත මුර කුටි ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන අතර, මෙම නියමු ව්‍යාපෘතිය නිරීක්ෂණය සඳහා  නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා එක් වුණ බව වාර්තා වේ.

ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ කුමාරඇල්ල, ගල්මුල්ල, කුරුවිටියාය, අතරගල්ලෑව යන ගම්මානවල ජනතාව වනඅලින් ගම්වැදීම නිසා පත්ව ඇත්තේ දැඩි පීඩාවකට වන අතර, වගාබිම් විනාශ කර, සිය නිවාස ද කඩා බිඳ දැමීම හේතුවෙන් ඔවුන් අසරණ ත්ත්වයට පත්ව ඇත.මේ පිළිබද සොයා බලා විසදුම් ලබාදීමේ අරමුණින් විශේෂ හමුවක් නියෝජ්‍ය අමාත්‍ය  ටී.බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් රැසක් එම සාකච්ඡාවට එක්වුණ බව සඳහන් වේ.

අඹන්ගග මායිමේ අලිවැටට මායිම්ව ඇති කුඩා කැලෑ ප්‍රදේශවල යටිරෝපනය ඉවත් කිරීමටත් අතරගල්ලෑව  සිට ගල්මුල්ල ගම්මානය දක්වා කිලෝමීටර් 7.5 ක අලිවැට නිසි ආකාරයෙන් නඩත්තු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණ බව පැවසේ. එම ප්‍රදේශයේ අලින් බහුලව ගම්වදින අලිමංකඩ අසල මුරකුටි සැකසීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා කිලෝමීටර් 04 ක පමණ දුරක් ගමන් කරමින් නිරීක්ෂණය කළ අතර, නව ව්‍යාපෘතියක් ලෙස කොන්ක්‍රීට් කණුමත ඉදිකෙරෙන මෙම මුරකුටි 10 ක් මෙම ප්‍රදේශයේ  කිලෝමීටර් 7.5 ක අලිවැටේ හදුනාගත්  ස්ථානවල ඉදිකිරීමට නියමෛත අතර, එක් මුරකුටියක් සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 04 ක්බව වාර්ත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...