ලක්ෂ 90 අල්ලස : අත්අඩංගුවට පත් මන්ත්‍රී ගැන තවත් තොරතුරු එළියට !

Date:

රුපියල් ලක්ෂ 90ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ තවත් ව්‍යාපාරිකයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ (දෙසැම්බර් 27) අත් අඩංගුවට ගෙන තිබිණි.

මෙකී සලෝචන ගමගේ යනු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ වැඩිමහල් සහෝදරයා බව වාර්තා වේ. දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කළ ඔහු දැඩි රාජපක්ෂවාදියෙකු ලෙස සැලකේ.

තුෂාර වර්ණසූරිය නම් ව්‍යාපාරිකයකුගේ නැන්දණියට අයත් ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් පසු එම ඉඩමට අදාළ වන්දිය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 90ක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.

ඊයේ පස්වරුවේ පිටකෝට්ටේ ප්‍රදේශයේදී මෙම අත් අඩංගුවට ගැනීමට සිදුකර ඇති අතර සලෝචන ගමගේට අමතරව එහිදී අත් අඩංගුවට ගෙන ඇත්තේ දුෂාන්ත දිනේෂ් රත්නායක නමැති ව්‍යාපාරිකයෙකි.

සැකකරුවන් දෙදෙනා අද (දෙසැම්බර් 28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා විය.

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ මීට පෙර 2019 වසරේදී බීමත්ව රිය පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු පිළියන්දල පොලිස් ස්ථානයේ කූඩුව තුළ සිටියදීම පොලිසියට තර්ජනය කරමින් කළහකාරී ලෙස හැසිරුණු ආකාරය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙසේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...