චීනයේ නවතම බුලට් එක: CR450 බුලට් දුම්රිය

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද (29) බීජිංහිදී නවතම චීන CR450 බුලට් දුම්රියේ මූලාකෘතියක් එළිදක්වා ඇත.

එහි විශේෂත්වය වන්නේ, පැයට කිලෝමීටර 400 ක වේගයෙන් ධාවනය වීමයි.

චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගම පවසන්නේ, CR450 දුම් රිය පරීක්ෂණ වලදී පැයට කිලෝමීටර 450 ක වේගයෙන් ධාවනය කිරීමට හැකියාව ඇති අතර, මෙම නව දුම්රිය තාක්ෂණයේ චීනයේ අති නවීන දියුණුව ඉස්මතු කරන බවයි.

දැනට සේවයේ යෙදී සිටින CR400 Fuxing අධිවේගී දුම්රිය පැයට කිලෝමීටර 350 ක වේගයෙන් ක්‍රියාත්මක වන අතර නව මාදිලිය පැයට කිලෝමීටර 400 ක වේගයෙන් ක්‍රියාත්මකවනු ඇති අතර,චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගම සඳහන් කරන්නේ. මෙම චීන දුම්රිය මූලාකෘතිය සඳහා රේඛීය පරීක්ෂණ මාලාවක් සංවිධානය කර ඇති අතර, ඉතා ඉක්මනින් මෙය භාවිතයට එක් කිරීමට අදහස් කරන බවයි.

එමගින් ගමනාන්ත සඳහා ගත වන කාලය අඩු කර මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන ඒමට ද අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...