දේශපාලනය අතහැර හරීන් පරණ ක්‍රීඩාව පටන් ගනී …! (VIDEO)

Date:

හිටපු සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සාදයක් අතරතුර බීමතින් ගැටුමක් ඇතිකරගෙන කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් “ඩේලි මිරර්” විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙහි පළකර තිබේ.

ඔහු CH & FC ක්‍රීඩා සමාජයේදී මෙසේ කලහකාරී ලෙස හැසිරෙමින් අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති අතර එම අවස්ථාවේ එහි සිටි පිරිසක් ඔහුට “හූ” කියමින් ප්‍රතිචාර දක්වා ඇත.

අවට සිටි අය තත්වය පාලනය කරගෙන හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාව එම ස්ථානයෙන් ඉවතට ගෙන යාමට පියවර ගෙන ඇති බව සඳහන්.

හරීන් ප්‍රනාන්දු සමකාලීන බොහෝ දේශපාලනඥයින්ට සාපේක්ෂව කෙටි කාලයක් තුළ වේගවත් දේශපාලන ගමනක් පැමිණි අයෙකි. ඒ වේගවත් දේශපාලන ගමන තුළ ඔහු නොයෙකුත් ගැටුම් ද ඇතිකර ගත්තේ ය. කලක් විපක්ෂයේ දේශපාලන තරුවක්ව සිටි ඔහු තමන් විසින්ම පතුරු ඇරිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතින්ම ඇමතිකමක් ද ලබාගනිමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ද එකතු වූයේය. ඒ, තම දේශපාලන ගමනේ අවසානය ද තමන් අතින්ම ලියා ගනිමිනි.

පසුගිය මහමැතිවරණය ආසන්නයේද හරීන් ප්‍රනාන්දු බදුල්ල නගර මධ්‍යයේ මහදවල් කමිසයත් ගලවාගෙන පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇතිකරගෙන සිටින ආකාරය මාධ්‍ය වාර්තා කර තිබිණි.

දේශපාලනයෙන් ඉවතටම වැටුණු පසු හරීන් තමන්ට සුපුරුදු “කචල් දාගැනීමේ” සෙල්ලම ඉදිරියටම කරගෙන යන ආකාරයක් දක්නට ලැබේ.

හරීන් ගැන හොඳටම දන්නා, කලක් ඔහු සමග වැඩ කළ අය පවා දැන් නම් කියන්නේ හරීන්ලා සජිත් ප්‍රේමදාසගේ පක්ෂයෙන් ඉවත්ව ගියේ සජිත්ගේම හොඳ වේලාවට බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...