උතුරු ගාසා තිරයේ සෞඛ්‍ය සේවාවේ ජීවනාලිය වෛද්‍ය හුසාම් අබු සෆියා ඊශ්‍රායල් හමුදා අත්අඩංගුවට

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ගාසා තිරයේ ගාසාවේ අවසන් ක්‍රියාකාරී රෝහල වශයෙන් ක්‍රියාත්මක වූ කමල් ඇඩ්වාන් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හුසාම් අබු සෆියා ඇතුළු කාර්යමණ්ඩලය ඊශ්‍රයල හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වෛද්‍ය හුසාම් අබු සෆියා උතුරු ගාසා තිරයේ සෞඛ්‍ය සේවාවේ ජීවනාලිය වශයෙන් හඳුන්වන අතර ඔහු අනෙකුත් කාර්ය මණ්ඩලය සිටින ස්ථානය අපැහැදිලි නොවන බවයි ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් පවසන්නේ,

මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) කියා තිබුණේ, හමාස් ත්‍රස්තවාදී බලකොටුවක් ලෙස භාවිතා කරන බවට චෝදනා කරමින් රෝහල් ප්‍රදේශය වටලා අවම වශයෙන් හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදීන් 240 ක් රඳවා ගත් බවයි.

ඔවුන් මෙහිදී වෛද්‍ය අබු සෆියා රඳවා ගෙන සිටි බව පිළිගෙන ඇති අතර වෛද්‍ය හුසාම් අබු සෆියා ඊශ්‍රයල යුධ ටැංකි රෝහළ විනාශ කරන විට ඉතා නිර්භීතව ඒ ඉදිරියට ගිය බව සමාජ මාධ්‍ය තොරතුරු සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...