රජයේ සේවයට බඳවා ගැනීම් සීමා වෙයිද? බඳවා ගැනීම් ගැන බලන්න කමිටුවකුත් එයි.

Date:

කොළඹ LNW:රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව කොමිෂන් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන වල මෙන්ම පළාත් සභාවන්හි කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමත්,සේවා අවශ්‍යතා අනුව කාර්ය මණ්ඩල නැවත ස්ථානගත කොට උපරිම සේවාවක් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගැනීම මෙම කමිටුවට පැවරී තිබේ.

ඒ සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුව පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවටකැබ්නට් අනුමැතිය ලැබී ඇත.

එමෙන්ම රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැති බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (31)කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා පැවසුවේ.

“රැකියා කප්පාදුවකට යන්න බලාපොරොත්තුවක් නෑ. මොන විදියට බඳවා ගැනීම් කළත් ඒ අය රජයේ සේවයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ මත තමන්ගේ ජීවිතය සැලසුම් කරගෙන තියෙනවා. සමහරු බැංකු ණය අරන් ඇති. නමුත් රජයෙන් ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. මහජනතාවට උපරිම සේවයක් ලබාදීමට රාජ්‍ය සේවය කළමනාකරණය කරනවා. රාජ්‍ය සේවය බර වැඩියි කියන්නේ රාජ්‍ය සේවකයන් ඉවත් කරනවා කියන එක නෙමෙයි” යනුවෙන් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...