නව වසරේ චීනයේ බලාපොරොත්තුව!

Date:

කොළඹ LNW:එළඹෙන 2025 වසරේ ලෝකයට ජයග්‍රාහී අනාගතයක් නිර්මාණය කිරීම සදහා සියලු රටවල් සමග එක්ව කටයුතු කරන බව චීනය පවසයි. නවීකරණ සමාජවාදී රටක් ලෙස චීනය නිර්මාණය කරමින් එම සංවර්ධනය ලෝකය සමග හුවමාරු කර ගැනීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් කියාසිටියි.

2024 වර්ෂය විවිධ අභියෝග හමුවේ අවසන් වූ බවත්, ඉදිරියේදී සාමුහික ආකල්පයකින් යුතුව ගැටුම් විසදා ගෙන ජයග්‍රාහී අනාගතයක් ගොඩනැගීමට චීනය සිය දායකත්වය ලබා දෙන බව ද සදහන් වේ.

චීන ආර්ථිකය මේ වනවිට අඛණ්ඩ ප්‍රකෘතිමත් තත්ත්වයක පැවති අතර 2024 වසරේ චීනය නවීන කර්මාන්ත, නව සංවර්ධන රටාවන් මෙන්ම නව ආකෘති ද අඛණ්ඩව ඉදිරිපත් කර තිබේ.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කරමින් ලෝක සාමය හා සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබා දීමට 2025 වසරේ සූදානම් බවද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළ බව චීන මාධ්‍ය සමූහය වාර්තා කරයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...