පටු වාද භේද නොසලකා රට ගොඩගැනීමට එක්වෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පටු අරමුණු පසෙකලා රට ගොඩනගන ජාතික මෙහෙයුමට මුල පුරන බවත් විනිවිදභාවයෙන් හා පාරදෘශ්‍යභාවයෙන් යුක්තව රටටත් ජනතාවටත් වගවෙන වගකියන ප්‍රශස්ත සේවාවකට නායකත්වය ලබා දෙන බවත් දේශපාලන නායකයන් මෙන්ම රාජ්‍ය සේවකයන් ද එකට එකතු වී එය වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පොදු ජනතාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රශස්ත ප්‍රබුද්ධ කාර්යක්ෂම හා කාර්යශූර ජනතා සේවාවක් ඉටු කරනවා සේම සදාචාරාත්මක භාවය සුරකිමින් විනයගරුකව රාජ්‍ය දේපල හා සම්පත් අවභාවිතයට ඉඩ නොතබමින් ඒවා හොඳින් නඩත්තු කරමින් කාර්යක්ෂමව රටට සේවාව ඉටු කළ යුතු බවත් පුද්ගල ලාභයට වඩා රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා සාමූහිකව කටයුතු කිරීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (ජනවාරි 01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී නව වසරට වැඩ ආරම්භ කිරීම සඳහා පැවැති උත්සවයක් අමතමිනි.

සර්වාගමික ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම උත්සවය ඉතා චාම් අයුරින් සංවිධානය කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – විද්‍යා හා තාක්ණ අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : පාරම්පරික පිත්තල කර්මාන්තය...

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...