අපට නිෂ්පාදනය කරන්න පුළුවන් දේ පිටරටින් ගේන එක නතර කරන්න ඕනෙ – ඇමති නාමල්

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගෙනයාමේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට විශාල වගකීම පැවරී ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“මේ රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට යන කටයුත්තේදී කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට අපට ලොකු වගකීමක් තියෙනවා. අපි ඉදිරියේදී බඩ ඉරිඟු පිටරටින් ගෙන්වන එක නතර කරන්න ඕනෙ. අපි නිෂ්පාදනය කරන්න ඕනෙ. කවුපි ඇටේ, මුං ඇටේ පිටරටින් ගේන එක අපි නතර කරන්න ඕනෙ. තල ඇටේ පිටරටින් ගේන එක අපි නතර කරන්න ඕනෙ. මිරිස් කරල ඇතුළු අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් දේ අපි පිටරටින් ගේන එක නතර කරන්න ඕනෙ. ලොකු ළූණු අපට අවශ්‍ය වෙනවා මෙට්‍රික් ටොන් 280,000ක්. හැබැයි ගිය අවුරුද්දෙ අපි පළවෙනි කන්නෙ නිෂ්පාදනය කෙරුවේ මෙට්‍රික් ටොන් 7,000 කට අඩු ප්‍රමාණයක්. 273,000ක් රටින් ගේනවා. එහෙම නම් මේක නතර වෙන්න ඕනෙ. අපට බඩ ඉරිඟු ඕනෙ මෙට්‍රික් ටොන් 600,000 කට ආසන්න ප්‍රමාණයක්. අපි හැබැයි 230,000ක් වගේ ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය කරන්නෙ. අපි මෙතනින් එහාට මේක යන්න ඕනෙ. ඒ නිසා පළමුවෙන්ම අපේ රටට අවශ්‍ය ප්‍රමාණය අපි නිෂ්පාදනය කරගන්න තැනට අපි එන්න ඕනෙ. අපි දවසකට කිරි නිෂ්පාදනය කරන්නෙ ලීටර් ලක්ෂ 10 යි. මේක අපේ අවශ්‍යතාවය එක්ක ගත්තාම 35% කට අඩුයි. අපේ ටාගට් එක ලක්ෂ 30 දක්වා මේක යන එක. අපි ටාගට් එකට යන්න ඕනෙ”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ නව වසරේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (ජනවාරි 01) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති නිල උත්සවය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....