පොත්, පෑන්, පැන්සල් ඇතුළු පාසල් උපකරණ මත පනවා ඇති බදු අඩු කරන්නැයි ඉල්ලා අන්තරේ මුදල් අමාත්‍යාංශයට

සටහන – රුවන් නෙළුගොල්ල

පාසල් උපකරණ මත පනවා ඇති බදු අඩුකරන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (ජනවාරි 02) පස්වරුවේ මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් මෙම ඉල්ලීම ඉදිරිපත් කළහ.

“රනිල් වික්‍රමසිංහ 2024 ආරම්භ වෙන මොහොතෙම පොත්, පෑන්, පැන්සල් ඇතුළු මේ හැමදේටම විශාල බදු බරක් පැටෙව්වා, 18% වැට් බද්දක් පැටෙව්වා. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම සීආර් පිටු 200 පොතක මිල මේ වෙද්දී රුපියල් 460ක් වෙනවා, පිටු 160 පොතක මිල රුපියල් 375ක් වෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් එළියට ආවා 129,000ක් වෙන පාසල් යන වයසේ පසුවෙන ශිෂ්‍යයන් මේ වෙද්දී පාසල් යන්නේ නැති තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. නිශ්චිතව මේ පාසල් උපකරණ, නිල ඇඳුම්, පොත්, පෑන්, පැන්සල් මේ සමස්තය මත පනවලා තියෙන 18%ක ඉතාම අසාධාරණ බද්ද මුළුමනින්ම ඉවත් කරන්න කියලා අපි බොහොම බලපෑම් සහගතව මේ ආණ්ඩුවට අවධාරණය කරලා කියනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...