පළමු සතිය නිමාවේ කෝල්ට්ස් සහ එන්සීසී පෙරමුණට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 03 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන තෙදින ක්‍රිකට් තරගාවලිය මේ දිනවල ක්‍රියාත්මකව පවතිනවා.මෙවර ඒ සහ බී ලෙස එක කොටසකට කණ්ඩායම් 9 ක් ඇතුළත් වන පරිදි ක්‍රීඩා සමාජ 18 ක් තරග බිමට පිවිස තිබෙනවා.


තරගාවලියේ මේ වන විට කණ්ඩායමකට ක්‍රීඩා කරන්න ලැබී තිබෙන්නේ එක් තරගයක් පමණයි.එහිදී ඒ කාණ්ඩයේ කණ්ඩායම් හතරක් පූර්ණ තරග ජයග්‍රහණ ලබා ගැනීමට සමත්ව තිබෙනවා.බී කාණ්ඩයේදී පූර්ණ ජයග්‍රහණ අත් කරගෙන සිටින කණ්ඩායම් ප්‍රමාණය හතරක්.


ලැබූ ලකුණු වේගය මත ජයග්‍රහණය කරන ලද ඒ කාණ්ඩයේ කණ්ඩායම් අතරින් පෙරමුණට එන්නට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයත්,බී කාණ්ඩයෙන් පෙරට එන්නට එන්සීසී ක්‍රීඩා සමාජයත් සමත්ව සිටිනවා.
බැලූ බැල්මට කණ්ඩායම් 18 ක් යනු විශාල කණ්ඩායම් ප්‍රමාණයක් බව පැහැදිළියි.එහෙත් මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ හරහා දීප්තිමත් ක්‍රීඩකයින් බිහිවන ආකාරයේ වැඩ සැළසුම් ක්‍රියාවට නැංවෙන නිසා පළමු පෙළ අත්දැකීම් අවශ්‍යය කරන බොහෝ ක්‍රීඩකයින් පාසල් හරහා ජාතික මට්ටමට නිර්මාණය වෙමින් තිබෙනවා.


ඒ සියල්ල හඳුනා ගැනීමට මෙම තරගාවලිය වැදගත් වන නමුත්,මේ තරගාවලිය කේන්ද්‍ර කරගෙන ඊට වඩා පෙරී එන හොඳම දක්ෂයන් සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලික වී සංවිධානය කරන කණ්ඩායම් අටක් පමණ සහභාගි වන වෙනම තරගාවලියක් පැවත්විම අත්‍යවශ්‍යය කාරණයක් වෙනවා.ඒ සඳහා මේ තරගාවලිය අධික්ෂණය කිරීමට තේරීම් කමිටුවට සහය වීමට,ඔවුන්ගේ ද එකඟතාවය ඇතුව උප කමිටුවක් පත් කර ක්‍රියා කළ හැකිනම් වැදගත් වෙනු ඇත.


ඡායාරූපයේ දැක්වෙන්නේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 145 ක් රැස් කරමින් මේ සතියේ වැඩිම ලකුණුලාභියා වූ සනෝජ් දර්ශිකය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...

පොලිස් ඇමති දේශබන්දුට ගහපු ගැහිල්ල!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා...