පඩි ගන්නෙත් නෑ කියාන ආපු අය දැන් වැසිකිළි ටෙන්ඩරයටත් අත දානවා – සජබ රෝහණගෙන් චෝදනා

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ වැසිකිළි ටෙන්ඩරය තමන්ට හිතවත් අයෙකුට ලබාදීමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු බලපෑම් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.

“දැන් මෙයාලා වැටුප් ගන්නෙ නෑ, වරප්‍රසාද ගන්නෙ නෑ කියකියා ආපු අයට දැන් අන්න මන්ත්‍රී ධුරයට පත්වෙලා තමන්ගෙ හුරු වෙච්චි ජීවන රටාවේ යන්න බැරිවෙලා තියෙනවා. මොකද දැන් මන්ත්‍රීවරයෙක් බවට පත්වෙච්චි නිසා තමන්ට පහුගිය කාලෙ කරපු වෘත්තීය කරගන්න බැරිවෙලා තියෙනවා. මහාචාර්යවරු, ආචාර්යවරු, දොස්තරවරු, ඉංජිනේරු මහත්තුරු දැන් ඒ කට්ටිය කියපු විදියට පාර්ලිමේන්තුව පිරෙව්වානෙ. මේ කට්ටිය ඉහළ තළයේ වැටුප් ලබපු උදවිය. දැන් අද ඒ අයට පාර්ලිමේන්තු වැටුප අර වැටුපට සමාන කරන්න බෑ. ඒ නිසා මෙයාලාගෙ ජීවන රටාවේ හුරුවෙච්චි කොටස පියවාගන්නට දැන් අන්න පහුගිය කාලෙ මෙතුමලාම චෝදනා කරපු මැරයෝ කසිප්පුකාරයෝ කුඩුකාරයෝ පිටිපස්සෙ යන තැනට අද පත්වෙලා තියෙනවා. මෙතුවක් අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රවාහන සේවය හොඳට පවත්වාගෙන ගිහිල්ලා කිසිකෙනෙකුට ගැටලුවක් නොවිච්ච පුද්ගලික ආයතනවලට පැනලා මෙයාලාගෙ බලහත්කාරයෙන් ආණ්ඩු බලය පෙන්නලා දැන් මෙතුමලා කප්පම් ලබාගන්න උත්සාහ කරනවා. කප්පම් ගැන කතන්දරේ ඉතිහාසය පුරාම ජනතාව චෝදනා කරනවා මේ කණ්ඩායමට. ඒ කටයුත්ත වගේම අද අපි දැක්කා මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ වැසිකිළි ටෙන්ඩර් එකට ඉහළම ලන්සුව – ලක්ෂ තුනයි ගාණකට ආපු ලන්සුවට ලබානොදී බලපෑම් කරමින් ඉන්නවා පහළ කෙනාට මේක ලබාදෙන්න. ඒ නිසා වැසිකිළි ටෙන්ඩරයටත් අත තියන විලිලැජ්ජා නැති ආණ්ඩුවක් බවට අද මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. තව ඉදිරියට යනකොට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වෙයි”

රෝහණ බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 03) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...