සාදය මාරයි.සල්ලි හමාරයි. හරීන්ලා වැල් පාලමේ ගිය හැටි තරුණ සේවා සභාවෙන් හෙළිවෙයි!

Date:

කොළඹ LNW:පසුගිය ආණ්ඩුව සමයේ ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත්වූ Samrt Youth Night සංගීත සංදර්ශන මාලාව සඳහා රු. කෝටි 32කට (රු.323,399,249) අධික මුදලක් වැය වී ඇති බව ඒ සම්බන්ධ විගණන වාර්තාව හා විගණන විමසුම මඟින් අනාවරණය කර තිබේ.

සංදර්ශන 14කින් සමන්විත එම සංදර්ශන මාලාවේ ප්‍රසම්පාදන කටයුතු විධිමත් ලෙස සිදුව නොමැති අතර අනුමත ගෙව්ම් සහ ගෙවා ඇති ඇතැම් බිල්පත් දෙස බලන විට විවාදාත්මක තත්ත්වයක් මතුව ඇත.

එම සංදර්ශන මාලාවට අයත් මහරගම පැවති සංදර්ශනය සඳහා රු.කෝටියකට අධික මුදලක් වැයකර තිබේ. විගණන වාර්තාව පෙන්වා දෙන්නේ එය රු.1,66,67851ක් ලෙසයි

ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවති සංදර්ශනයට රු.3,14,17,778 වැයකර ඇති බවට හෙළි වී තිබේ. දඹුල්ලේදී පැවති සංදර්ශනයට රු.1,52,89,150ක්,ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ පැවති සංදර්ශනයට රු.1,36,85,800ක්,යාපනය මුත්තවෙලි ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයට රු.3,90,37,339 ක්, මහියංගනයේදී පැවති සංදර්ශනයට රු.6,49,86,789ක්,කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පැවති සංදර්ශනයට රු.6,81,05,908 ක් යනාදී ලෙස වැය කර ඇති බවට උක්ත විගණන වාර්තාව පවසයි.

2024 ජූලි 18 වැනිදා හිඟුරක්ගොඩ මහජන ක්‍රීඩාංගනයේ පැවති සංදර්ශනය සම්බන්ධයෙන් කළ විගණන විමසුමේදී ද සංදර්ශනය තුළ සිදුව ඇති අක්‍රමිකතා රැසක් හඳුනා ගෙන තිබේ. එම ප්‍රසංගය සඳහා රු.1,51,48,850ක් වය අකර ඇති නමුත් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක අනුගමනය කර ති බවට එහිදීද නිරීක්ෂණය වී නැත.

එම ප්‍රසංගයට අදාළව නිවේදකයාට රු.ලක්ෂ පහක චෙක් පතක් වෙනුවෙන් අනුමැතිය දී ඇති බවත් නිවේදකයාට ගෙවා ඇති බවට බිල්පත්වල සඳහන්ව තිබී ඇත්තේ රු.50,000ක් බවත් දැක්වෙයි. මේ අතර එම ප්‍රසංගයට සහභාගී වූ ගයක ගායිකාවන්ට රු.ලක්ෂ 42ක් වැය කර ඇති බවට සඳහන්ව ඇතත් ගෙවා ඇති ආකාරය ගැන කිසිදු සඳහනක් නොමැති බවද විගණන විමසුමෙන් හෙළි වී තිබේ.

මෙම කාලය තුළ ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා යටතේය.

ඒ අනුව මෙම විගණන වාර්තාව සියලුම ඇමුණුම් ද සහිතව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...