මම ඒ කාලේ ඉස්කෝලෙ යනවා – කතරගම ඉඩම ගැන අහද්දී යෝෂිත CIDයට කියලා !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ පසුගිය සිකුරාදා (ජනවාරි 03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තිබුණා.

ඒ, කතරගම ප්‍රදේශයේ ඉඩමක් ගැන ප්‍රශ්න කරන්නයි.

2007 වසරේ මේ ඉඩමට අදාළ ගනුදෙනු ගැන CIDය යෝෂිතගෙන් ප්‍රශ්න කළාම යෝෂිත කියලා තියෙන්නේ ඒ කාලේ තමුන් පාසල් යමින් සිටි බවත් ඉඩම් ගනුදෙනු ගැන ඒ කාලේ තමන්ට කිසිම සම්බන්ධයක් නොතිබුණු බවත්.

මේ විමර්ශනය කැරකෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පැත්තට ලු.

CIDය ගෝඨාභය ගැන අහද්දී යෝෂිත රාජපක්ෂ මරු කතාවක් කියලා තියෙනවා කියලාත් ආරංචියි. “2005 අපේ තාත්තා ජනාධිපති වුණාට පස්සේ ගෝඨා කියලා බාප්පා කෙනෙක් ඇමරිකාවේ ඉඳන් කඩාපාත් වුණා. එතකොට තමයි මම දන්නේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා” කියලා යෝෂිත කිව්වා ලු.

කොහොම වුණත් යෝෂිත පැය කිහිපයක් ඇතුළත තමන්ගේ ප්‍රකාශය ලබාදීලා CIDයෙන් පිටවෙලා ගිහින් තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...