දරුණු ශිත කුණාටුවක් පිළිබඳව එක්සත් ජනපදයට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දශකයකට වැඩි කාලයකට පසු එක්සත් ජනපදය දරුණුතම ශිත කුණාටුවකට මුහුණ දීමට සිදුවන බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබේ.

මේවන විට ආක්ටික් ප්‍රදේශය වටා සංසරණය වන සීතල වාතය සහිත ප්‍රදේශයක් වන ධ්‍රැවීය සුලිය හේතුවෙන් එහි බලපෑම එක්සත් ජනපදයට ලැබෙනු ඇතැයි සැලකෙන අතර මේ වන විට කෙන්ටකි සහ වර්ජිනියා ප්‍රාන්තවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මිසිසිපි සහ ෆ්ලොරිඩා ඇතුළු එක්සත් ජනපදයේ දරුණු සීතලට හුරු නොවූ සමහර ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

කැන්සාස් සහ ඉන්දියානා හි සමහර ප්‍රදේශවලට අවම වශයෙන් අඟල් 8 (20.3 සෙ.මී.) හිම දැකිය හැකි අතර මධ්‍යම බටහිර ප්‍රදේශ වල හිම කුණාටු ඇති විය හැක.

එමෙන්ම මිසූරි, ඉලිනොයිස් සහ කෙන්ටකි සහ බටහිර වර්ජිනියා ප්‍රදේශ සඳහා හිම සහ ශීත වැසි පුරෝකථනය කර ඇති අතර කුණාටුව නැඟෙනහිර දෙසට ගමන් කරන විට තවත් මිලියන ගණනක් ඇමරිකානුවන් වාර්තාගත අඩු උෂ්ණත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියැවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...