දරුණු ශිත කුණාටුවක් පිළිබඳව එක්සත් ජනපදයට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දශකයකට වැඩි කාලයකට පසු එක්සත් ජනපදය දරුණුතම ශිත කුණාටුවකට මුහුණ දීමට සිදුවන බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබේ.

මේවන විට ආක්ටික් ප්‍රදේශය වටා සංසරණය වන සීතල වාතය සහිත ප්‍රදේශයක් වන ධ්‍රැවීය සුලිය හේතුවෙන් එහි බලපෑම එක්සත් ජනපදයට ලැබෙනු ඇතැයි සැලකෙන අතර මේ වන විට කෙන්ටකි සහ වර්ජිනියා ප්‍රාන්තවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මිසිසිපි සහ ෆ්ලොරිඩා ඇතුළු එක්සත් ජනපදයේ දරුණු සීතලට හුරු නොවූ සමහර ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

කැන්සාස් සහ ඉන්දියානා හි සමහර ප්‍රදේශවලට අවම වශයෙන් අඟල් 8 (20.3 සෙ.මී.) හිම දැකිය හැකි අතර මධ්‍යම බටහිර ප්‍රදේශ වල හිම කුණාටු ඇති විය හැක.

එමෙන්ම මිසූරි, ඉලිනොයිස් සහ කෙන්ටකි සහ බටහිර වර්ජිනියා ප්‍රදේශ සඳහා හිම සහ ශීත වැසි පුරෝකථනය කර ඇති අතර කුණාටුව නැඟෙනහිර දෙසට ගමන් කරන විට තවත් මිලියන ගණනක් ඇමරිකානුවන් වාර්තාගත අඩු උෂ්ණත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියැවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...