ජනවාරි 01 දා ඇමෙරිකාවේ පංසල් වන්දනාව!

Date:

අශෝක ජයතුංග

ජනවාරි 05 වොෂින්ටන් LNW :

🍎විහාර හතරකට හා ලාංකිකයන් අතරට….!

ජනවාරි පළවෙනිදා වොෂින්ටන් තානාපති කාර්යාලයේ ආගමික හා සංස්කෘතික කටයුතු නිමකළ තානාපති මහින්ද සමරසිංහ මහතා පුමුඛ නිළධාරීන් ශ්‍රී ලංකාවේ භික්ෂූන් වෙසෙන ප්‍රධාන විහාරස්ථාන හතරක් වැදපුදා ගත්තේය.

වීට්න් විහාරයට ගිය තානාපතිවරයා විහාරධිපති ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරතන නාහිමි ගේ ආගමික කටයුතු වලට එක්වූහ. නැදගමුවේ පඤ්ඤාලෝක හිමි විශේෂ අනුසාසනාවක් සිදු කළේය.

අනතුරුව මහමෙව්නාව භාවනා අසපුවට තානාපතිවරයා ඇතුළු පිරිස ගිය අතර විහාරාධිපති මාතලේ කච්ඡායන නාහිමි ප්‍රමුඛ මාතලේ අමිතඛේම හා කිරුලපන අමිතරේවත හිමිවරුන් ගේ පිරිත් සජ්ජායනය ඇතුළු ආගමික කටයුතුවලට එක් වූහ.

තෙවනුව හෙගස්ටවුන්  විහාරය වැදපුදාගත් අතර විහාරාධිපති කරපුටුගල ඉන්දරතන නාහිමි ගේ අනුශාසනා හා ආගමික වතාවත් වලට එක් වූහ.

අවසානයේ වොෂින්ටන් DC විහාරය වැදපුදාගත් අතර උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමිගේ උපදෙස් මත වතුලියද්දේ රතනසීහ හා බංගලි දේශයේ සුමනවංශ හිමිවරු විසින් සෙත් පිරිත් හා සෙසු ආගමික කටයුතු ඉටු කළහ.

විහාර වන්දනාවේ ගිය සෑම ස්ථානයකම ලාංකිකයන් ඇතුළු සෙසු රටවල බෞද්ධයන් විශාල පිරිසක් ද රැස්ව සිටි අතර තානාපති සමරසිංහ මහතා ඔවුන් සමග ද සුහද පිළිසදරක නිරත විය. නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී රෝහණ අඔගොල්ල හා කවුන්සලර් චතුරි පෙරේරා ප්‍රමුඛ මහත්ම මහත්මීන් ද එම අවස්ථා වලට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...