බානගල උපතිස්ස හිමියන් රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවාව අග්‍රගන්‍යයි – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

75 වසරක් ආයු වළඳා තවදුරටත් අප රටට අත්‍යාවශ්‍ය වූ ආගමික සාසනික සංස්කෘතික හා සමාජමය සංවර්ධනයේ පීතෘවරයකු ලෙස සිදු කළ විශිෂ්ඨ සේවාව ඉදිරියට කර ගෙන යාමට බානගල උපතිස්ස නායක ස්වාමීන් වහන්සේට සුබාශිංසනය, ආශිර්වාදය පුදකර සිටින බවත් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරිමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බානගල ස්වාමීන්වහන්සේගේ විශිෂ්ට සේවාව රටට අවශ්‍ය කාලයක් බවත් ආර්ථික සමාජීය පීඩන රැසකට රට ගොදුරු වී ඇති මොහොතක හැම අතකින්ම අප රටට අලුත් අගයක් එකතු කළ යුතු අවස්ථාවක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා බානගල උපතිස්ස හිමියන් දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගම්උදා වැඩසටහන ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දුන් බවත් සෙවනක් නැති ජනතාවට සෙවනක් ලබා දෙන සංකල්පය මහපොළොවේ යථාර්ථයක් කිරීමට උන්වහන්සේ විශාල දායකත්වයක් ලබා දුන් බවත් සිහිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බානගල උපතිස්ස නාහිමියන්ගේ 75 වැනි ඡන්ම දින සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමිනි.

අප රටේ අවිධිමත්ව ක්‍රියාත්මක වන පෙරපාසල් සංකල්පය විදේශ රටවල ආයෝජන හරහා විධිමත් කර මුල් ළමා විය සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දී දූදරුවන්ගේ අනාගත ගමන කුඩා කාලයේදී ආලෝකමත් කිරීමට උන්වහන්සේ නායකත්වය, ශක්තිය ලබා දුන් බවත් අප රට තුළ පිහිටා ඇති සම්පත් හිඟතාවෙන් යුත් විහාරස්ථාන, වැසී යන්නට ඔන්න මෙන්න ඇති පන්සල් පද්ධතිය එහි ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කරමින් පන්සලක් සතුව ඇති ඒ සියලු ආගමික සමාජීය සංස්කෘතික සේවා ඉටු කරන්නට උන්වහන්සේ දැවැන්ත ජාතික ආගමික සංස්කෘතික මෙහෙයුමක නිරත වූ බවත් දුක්විඳින ජනතාව වෙනුවෙන් උන්වහන්සේ අග්‍රගන්‍ය මෙහෙවරක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අද වැනි යුගයක බානගල උපතිස්ස නාහිමියන්ගේ සේවාව වෙනදටත් වඩා ශක්තිමත්ව හා පුළුල්ව ක්‍රියාත්මක කිරීම වැදගත් බව පැවසූ විපක්ෂ නායකවරයා, වැටී ඇති ප්‍රපාතයෙන් අප රට ගොඩගැනීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන සිවිල් සමාජය පුරවැසි පරපුර ආගමික නායකයන් එකතු කර ගෙන වාද භේදයකින් තොරව රට ගැන සිතා පරාර්ථකාමී විශිෂ්ට සේවාවක් ඉටු කිරීමේ ගමනට නව පරිච්ඡේයක් නිර්මානය කරන්න වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...