රාජිත කියූ අර්ජුන් ඇලෝෂියස්ට ඇමතුම් 39ක් ගත් ජවිපෙ ඇමතිවරයා කවුද ??

Date:

2015 යහපාලන ආණ්ඩු සමයේ බැඳුම්කර වංචාව සම්බන්ධ සිද්ධි අතරේදී එහි ප්‍රධාන චූදිතයකු වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝෂියස්ට දුරකථන ඇමතුම් ලබාගත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ලැයිස්තුවේ එවකට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරයකුද සිටි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුත් ඒ කාලෙ ඉඳන් ආශ්‍රය කරලා තියෙනවානෙ. වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරු. ඔවුන්ගෙන් කවුරුහරිත් මේ ජනාධිපති අරමුදලෙන් මුදල් අරගෙන තියෙනවාද ?

“අරගෙන තියෙනවා”

ප්‍රශ්නය – කවුද ?

“ජනාධිපති අරමුදලෙන් නෙවෙයි, ඇලෝෂියස්ගෙ සිද්ධිය වෙලාවෙදී ඇලෝෂියස්ට දුරකථන ඇමතුම් ගත්ත කට්ටියගෙ, මගෙ ගාව ලැයිස්තුව තියෙනවා. බැඳුම්කර වෙලාවෙදි ඇමතුම් ගත්තු මන්ත්‍රීවරු – එවකට ආණ්ඩු පක්ෂයේ, එවකට විරුද්ධ පක්ෂයේ කට්ටිය. ජනතා විමුක්ති පෙරමුණේත් එක මන්ත්‍රීවරයෙක් ඉන්නවා ඒකෙ”

ප්‍රශ්නය – කවුද ඒ ?

“සිනාසෙයි”

ප්‍රශ්නය – කාටද කෝල් ගත්තෙ ?

“ඇලෝෂියස්ට. ඒවාගෙ තියෙනවානෙ කෝල් එකසිය ගාණයි, දෙසිය ගාණයි …”

ප්‍රශ්නය – ඒ මන්ත්‍රීවරයා ඇලෝෂියස්ට කෝල් කීයක් අරන් තියෙනවාද ?

“39ක් අරන් තියෙනවා”

ප්‍රශ්නය – ඒ මන්ත්‍රීවරයා කෝප් එකේ හිටපු කෙනෙක්ද ?

” ….. ඒක මට මතක නෑ”

ප්‍රශ්නය – ඒ මන්ත්‍රීවරයා දැන් ඇමතිවරයෙක්ද ?

“ඔව්, දැන් ඇමතිවරයෙක්”

ප්‍රශ්නය – කැබිනට් ඇමතිවරයක්ද ?

“ඔව්”

ප්‍රශ්නය – ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තු අය ගැනනෙ ප්‍රශ්නය ඇහුවෙ ?

“අපේ කාලෙට කලින් ඒවායෙ තොරතුරු නෑ කියලානෙ ඒගොල්ලො කියන්නෙ …”

මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කළත් රාජිත සේනාරත්න මහතා අදාළ ඇමතිවරයාගේ නම සඳහන් කළේ නැත.

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 06) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “සලකුණ” වැඩසටහනට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...