කොළඹ LNW:රටේ ජනතාව වත්මන් ආණ්ඩුවට ජනවරමක් දී ඇත්තේ ගැඹුරු පරිවර්තනයක් වෙනුවෙන් වන හෙයින් ඊට අදාළ වැඩසටහන කරගෙන යාමේදී එයට එරෙහිවන්නන්ගේ න්‍යාය පත්‍රයට යට නොවන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (08) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.
ආණ්ඩුව නියෝජනය කරන්නේ රටේ ජනතාව බවයි ඇය පැවසුවේ.
මෙම සමාජ පරිවර්තනයේදී දේශපාලන අධිකාරියේ මෙන්ම ජනතාවගේ සහභාගීත්වයද වැදගත් බව අගමැතිනිය ප්‍රකාශ කළාය.
”රටේ පුරවැසියන් මේ ආණ්ඩුවට ලබාදුන්නේ ගැඹුරු පරිවර්තනයක් වෙනුවෙන් ජනවරමක්. ඒ පරිවර්තනය පුද්ගල මාරුවක් විතරක් නෙවෙයි ඊට වඩා සංකීර්ණ ගැඹුරු සමාජයේ සෑම ස්තරයක් තුළම සිදුවිය යුතු පරිවර්තනයක්. එහෙම පරිවර්තනයක් කරන්න යනකොට ඒකට අභියෝග එනවා,ඒකට විරුද්ධ වෙන කණ්ඩායම් තියෙන්න පුළුවන්. ඒක යථාර්ථයක්. හැබැයි අපි කිසිසේත් අපේ වැඩසටහන් පරිවර්තනයට විරුද්ධවන අයගේ ඇජෙන්ඩා එකට යටත් වෙලා කරන්නේ නැහැ. අපි නියෝජනය කරන්නේ මේ රටේ ජනතාව. ජනතාව දුන්න ජනවරමටයි අපි ගරුකරන්නේ. ඒ නිසා මේ අභියෝගවලට මුහුණ දෙන්න ආණ්ඩුව හැටියටත් අපේ වැඩසටහන හැටියටත් අපි සූදානම්. අපි හැමවිටම විශ්වාස කරන තව දෙයක් තමයි මේ සමාජ පරිවර්තනයක් අවශ්‍ය වෙන්නේ දේශපාලන අධිකාරියක සහභාගීත්වය පමණක් නෙවෙයි මේකට ජන සහභාගීත්වය සිද්ධ විය යුතු දෙයක්. ජනතාවගේ පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕනේ. ගරු කථානායකතුමනි, හිරුද,මොකක්ද ,අරුණද මොකක්ද කියන එක අදාළ නැහැ,අපි හිතන්නේ මේ ව්‍යාපෘතිය සම්පූර්ණ වෙනකොට හිරුටත් ඇත්තටම හිරු පායලා තියෙයි. අරුණටත් ඇත්තටම අරුණ කියන එකේ තේරුම පැහැදිලි වෙයි. ඒ පරිවර්තනය ඔවුන් තුළත් සිද්ධ වෙයි කියල අපි අපේක්ෂා කරනවා” යනුවෙන් ඇය තවදුරටත් ප්‍රකාශ කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ