වර්ජනයක් නෑ: බස් සංගම් කියයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ (LNW):

අද (08) පැවැති, පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් පවසයි. ඒ, Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙනි.

ඒ අනුව, බස් සංගම් සැලසුම් කළ දීපව්‍යාප්ත වර්ජනය සිදු නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පොලීසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය දියත් කිරීමට බස් සංගම් ඊයේ එකඟතාවකට එළැඹ තිබුණු අතර, වර්ජනයට පෙර බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග පොලිස් මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විමට තීරණය කර තිබුණි. නමුත් එහිදී තීරණය කර ඇත්තේ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවන බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...