බංගලාදේශය තරගාවලිය සම කරයි

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 09,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සහ බංගලාදේශ අවුරුදු 19 න් හළ කණ්ඩායම අතර පැවති සිව්වන විස්සයි විස්ස තරගාවලිය ලකුණු 21 න් ජය ගත් බංගලාදේශ කණ්ඩායම තරගාවලිය තරග 2-2 ක් ලෙස සම කර ගන්නට සමත් වුණා.


මේ තරගයේදීත් පන්දු ඕවර් 19.5 දී සියල්ල දැවී ලකුණු 126 ක් රැස් කළ බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරම්භය සාර්ථක වුණේ නැහැ.අංක තුන පිතිකරුව තරගාවලිය පුරා දස්කම් දැක් වූ සැහැමි සෙනෙත්මා ආරම්භක පිතිකාරිණිය විදිහට උසස් කර තිබුණත් ඇයට මේ තරගයේදී පන්දු 24 ට ලබා ගන්නට හැකි වුණේ ලකුණු 12 ක්් පමණයි.සම්ප්‍රදායිකව මේ තරගාවලිය පුරා ඉණිම ඇරඹු පිතිකාරියන් දෙදෙනාටම මේ තරගයේදී ලකුණු නොලබා දැවී යන්නට වුණා.
මනුදි නානායක්කාර ලකුණු 25 ක් රැස් කඝ අතර ආසියානු තරගාවලියේදී ආරම්භක පිතිකාරිණියක ලෙස යොදා ගෙන අවසන් තරග දෙකේදී මැද පෙළට කැඳ වූ හිරුනි හංසිකා පන්දු 29 න් නොදැවි ලකුණු 44 ක් රැස් කරමින් කැපී පෙණුනා.


පන්දු 120 දී ඊට වඩා ලකුණු ප්‍රමාණයක් ලැබූ වීට 19 න් පහළ ක්‍රීඩිකාවන් අසරණ වෙන බවක් දකින්නට ලැබෙනවා.ඒ ඔවුන් ක්‍රීඩා කිරීමේදී නිලකුණු පන්දු සටහන් වෙන්නට දීම වැඩි නිසා.සෑම පන්දුවකට හතරක් හෝ හයක් නැතත්,එක ලකුණක් යන තැන පිහිටා ක්‍රීඩා කළ හැකිනම් ශ්‍රී ලංකාවට වැඩි ලකුණු ප්‍රමාණයක් එකතු කළ හැකි පිටියෙන් පිටියට ප්‍රහාර එල්ල කළ හැකි ක්‍රීඩිකාවන් සිටිනවා.එහෙත් කෙටි ලකුණු අමතක කර හතරේ පහර යේ පහර නැති විට ඩොට් බෝල වැඩි කිරීම නිසා ශ්‍රී ලංකාවට ඉහළ ලකුණු ගණනකට යාමේ අසීරුව තිබෙනවා.


පළමු තරග තුනටම වඩා විශ්වාසයෙන් ක්‍රීඩා කරපු බවක් ප්‍රකට කළ බංගලාදේශ 19 න් පහළ කාන්තා කණ්ඩායම ආරම්භයේ සිටම ලකුණු ලබා ගැනීමේදී වේගවත් වෙන්න උත්සාහ කළා.විශාල ලකුණු සංඛ්‍යාවක් නැතත් ලකුණු 20 ට වැඩියෙන් අඩු පන්දු ගණනකින් ලබා ගත් ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම ශ්‍රී ලංකාවට පන්දුවට එක ලකුණත් ප්‍රමාණවත් නොවන ඉලක්කයක් ලබා දුන්නා.එය ශ්‍රී ලංකාවට පීඩනයක් වුණා.
රශ්මිකා සෙව්වන්දි ලකුණු 28 ට කඩුුලු 2 ක් දවා ගනිද්දී,චමෝදි ප්‍රබෝධා ලකුණු 18 ට කඩුලු 2 ක් සහ තරගාවලිය පුරාම හොඳන් පන්දු යැවි අසේනි තලගුණේ ලකුණු 14 ට කඩුල්ලක් ලෙස දවා ගනිමින් පන්දු යැවීමේ නිරත වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...