2025 සංචාරක පැමිණීම් සුබයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ (LNW):

2025 වසරේ ජනවාරි 01 වනදා සිට 09 දක්වා මෙරටට සංචාරකයන් 70,944 දෙනෙකු පැමිණ තිබෙන අතර,ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වේ. එම සංඛ්‍යාව 11,749 ක් බව පැවසේ. රුසියා සංචාරකයන් 11,629 දෙනෙකු සහ එක්සත් රාජධානියේ සිට 5049 දෙනෙකු පැමිණ තිබෙන බව සඳහන් වේ.

ඕස්ට්‍රේලියාවෙන් සංචාරය සඳහා පසුගිය දින 09 තුළ පැමිණි සංඛ්‍යාව 3055 ක් වේ. ප්‍රංශ ජාතිකයන් 2714 දෙනෙකු සහ චීන ජාතිකයින් 2516 දෙනෙකුද පැමිණි පිරිසට අයත් වන බව සඳහන් වේ.

ඇමෙරිකාවේ  සිට සංචාරකයන් 2351 දෙනෙකු පැමිණ තිබෙන අතර, නෙදර්ලන්තයෙන් සංචාරකයන් 2188 දෙනෙකු පැමිණ ඇති බව පැවසේ.

පෝලන්තයෙන් පැමිණි පිරිස 2134 ක් බවයි වාර්තා වන්නේ. අනිකුත් රටවලින් සංචාරකයින් 22,039 දෙනෙකු පැමිණ ඇත. පසුගිය වසරේ ජනවාරි පළමු දින 09ට සාපේක්ෂව මේ වසරේ එම කාලය තුළ සංචාරකයින් 13,101 දෙනෙක් වැඩිපුර පැමිණ ඇති බව වාර්තා වේ.

ඊයේ දිනය තුළ පමණක් පැමිණි පිරිස 7,757 ක් බව වාර්තා වේ. කොළඹ බදුල්ල දුම්රිය ගමන මේ වසරේ ලොව හොදම 07 වෙනි සංචාරක දුම්රිය ගමන බවට පත්ව ඇත. ලොව පුරා සංචාරකයන්ට මග පෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට් මගිනුයි  එය නම් කර තිබෙන්නේ. මෙසේ සංචාරකයන්ගේ පැමිණීම වැඩිවීම සඳහා එය ද හේතු වී ඇත.

සංචාරකයන්ගේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඇල්ල සංචාරක නගරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (10) පවත්වා තිබෙන අතර, පසුගිය නිවාඩු මාසය තුළද ඇල්ල ආශ්‍රිතව සංචාරකයන විශාල පිරිසක් පැමිණ තිබෙන බව වාර්තා වේ. පොලීසිය පවසන්නේ , පරිසරයට අපද්‍රව්‍ය එකතුවීම අවම කිරීම සහ එය පිරිසිදු කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන පැවති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...