මාදිවෙල එක නිවාසයක කාමර 3යි, මන්ත්‍රීවරු 4ක් ඉන්නවා. අපි ඉතින් සතුටින් ඉන්නවා – මන්ත්‍රී කිට්නන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස ප්‍රමාණය සීමිත බැවින් එක් නිවසක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු බැගින් පදිංචිව සිටින බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා පවසයි.

“දැන් අපි මන්ත්‍රීවරු 159ක් ඉන්නවා. ගෙවල් තියෙන්නේ සීමිතයි. ඒ නිසා තීන්දුවකට ආවා එක ගෙදරක මන්ත්‍රීවරු අපි 4 දෙනෙක් ඉන්නවා. කාමර තුනක් තියෙනවා, මන්ත්‍රීවරු හතර දෙනෙක් ඉන්නවා. අපි ටීම් එකක් විදියට වැඩ කරනවා. අපි පෞද්ගලිකව කිසි දෙයක්ම, පෞද්ගලිකව අපි ලොකූ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ නිසා පක්ෂය කියන විදියට, තියෙන තත්වය අනුව රජයෙන් ලැබෙන සමහර වරප්‍රසාද අපි භුක්ති විඳිනවා. ඒකෙන් එකක් තමා නිවාස. ඒකෙන් එක කාමරයක් තියෙනවා මට. අනිත් කාමරවල අපෙ සුදත් බලගල්ල මන්ත්‍රීවරයා ඉන්නවා, ඊළඟට අපෙ දිනිඳු සමන් රත්නායක මන්ත්‍රීවරයා ඉන්නවා, ඊටපස්සෙ රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමාත් ඉන්නවා. අපි ඉතින් සතුටින් ඉන්නවා”

කිට්නන් සෙල්වරාජ් මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...