සුරාබදු වැඩි කළත් මත්පැන් මිල වැඩි නොකර තබාගැනීමේ ක්‍රමයක් පාරිභෝගික සංගමය කියයි !

Date:

ඊයේ (ජනවාරි 10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සඳහා වන සුරාබදු 06%ක පමණ ප්‍රතිශතයකින් ඉහළ දැමූවත් මත්පැන් මිල නොවෙනස්ව තබාගැනීමට ක්‍රමවේදයක් ඇති බව මත්පැන් පාරිභෝගිකයින්ගේ සංගමය පවසයි.

ඒ අනුව එම සංගමයේ ප්‍රකාශකයකු අප වෙත සඳහන් කළේ මත්පැන් අලෙවිසැල් සඳහා ලබාදෙන ලාබයෙන් 50%ක් පමණ අඩුකළ හැකි නම් සුරාබදු වැඩිවීම පාරිභෝගිකයින් පිට නොපැටවෙන පරිදි මත්පැන් මිල නොවෙනස්ව තබාගත හැකි බවයි.

සාමාන්‍යයෙන් පාරිභෝගිකයින් වැඩි වශයෙන් භාවිතා කරන අරක්කු කාලේ බෝතලයක මිල රුපියල් 750 – 770 අතර අගයක පවතින බව පැවසූ ඔහු එයින් රුපියල් 130 – 140ක පමණ ප්‍රමාණයක් මත්පැන් අලෙවිසැල් හිමියන්ගේ ලාබය වශයෙන් ලබාදෙන බවත් සඳහන් කළේය. නව බදු සංශෝධනය අනුව අරක්කු කාලේ බෝතලයක් සඳහා සුරාබදු වැඩිවන්නේ රුපියල් 45කට ආසන්න අගයකින් බව පෙන්වා දුන් ඔහු සඳහන් කළේ එය මත්පැන් අලෙවිසැල් හිමියන්ගේ ලාබයෙන් අඩුකරන්නේ නම් පාරිභෝගිකයින්ට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කළ හැකි බවයි.

මෙහිදී තනි පුද්ගලයින් වශයෙන් මත්පැන් අලෙවිසැල් පවත්වාගෙන යන අයගෙන් මීට බාධාවක් නොමැති වුවත් මහා පරිමාණයෙන් ජාල වශයෙන් මත්පැල් අලෙවිසැල් 100 – 200 වශයෙන් පවත්වාගෙන යන අයගේ බලපෑම් මත මෙම ලාබ ප්‍රතිශතය ඉහළ අගයක තබාගෙන සිටින බවත් ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේය.

ඉහත මිල ගණන් සහ ලාබ සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදකයින් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ ඒවා සත්‍යය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...