ඩොනල්ඩ් ට්‍රම්ප් හෂ්-මුදල් නඩුව සන්ම්බන්ධයෙන් නීතියෙන් වරදකරු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෂ්-මුදල් නඩුවෙන් වරදකරු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ට්‍රම්ප් අපරාධයක් සම්බන්ධයෙන් දඬුවම් නියම වූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්වේ.

නිව්යෝක් විනිසුරු ජුවාන් මර්චන් විසින් ඊයේ(10)දිනයේදී වැඩිහිටි චිත්‍රපට නිළියකට කරන ලද හොර මුදල් ගෙවීම් සම්බන්ධයෙන් ව්‍යාපාරික ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා 34කට වරදකරු බවට නිවේදනය කළ අතර ඊට දඬුවම් වශයෙන් දඩයකට හෝ පරිවාසයකට කාලයකට ලක් නොකර කොන්දේසි විරහිතව නිදහස් කිරීමක් සිදුකර තිබේ.

කෙසේ නමුත්, මෙම සියලුම චෝදනාවන් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරමින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබුණේ, මෙම දඬුවම භයානක අත්දැකීමක් වන බවත්, ඒ වෙනුවෙන් අභියාචනා කිරීමට තමා සුදානම්වන බවත්, මෙය දේශපාලන වශයෙන් නින්දිත පලිගැනීමක් හා තමන්ගේ කීර්තිනාමයට හානි කිරීමක් වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...