සාංචි බැතිමතුන් නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ දී හරසරින් පිළිගනී!

කොළඹ LNW:සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 වෙනි ජන්ම දිනයට සාංචි ජනතාවගේ සුබ පැතුම් රැගෙන පැමිණි සාංචියේ ප්‍රභූ නියෝජිත පිරිස පසුගියදා නුවරඑළිය සීතා අම්මාන් කෝවිල වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ,එම කෝවිලේ පාලක මණ්ඩලය වෙනුවෙන් එස්.තියාගු මහතා ඔවුන් ඉතාමත් හරසරින් පිළිගනු ලැබීය.

එම අවස්ථාවට සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ ද සහභාගි වූහ. පසුව ඔවුන් බානගල උපතිස්ස නාහිමියෝ ද බැහැ දැක සාංචි පුරවැසියන්ගේ ගෞරවනීය සුභ පැතුම් උන් වහන්සේට පිරිනැමූහ.

මෙම නියෝජිත පිරිසට,රයිසන් දිස්ත්‍රික් අමාත්‍ය සහ සාංචි නාගරික සංස්ථාවේ (පංචායත් සභාව) හිටපු සභාපති (Mr Balram Malviya) district minister BJP, )බල්රාම් මල්වියා මහතා,සාංචි වෙළඳ සංගමයේ සභාපති ශෙයිතාන් සිං මහතා (Mr Shaitan Singh president of trade union Sanchi) සාංචි සමූපකාර බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නරේෂ් රාජ්පුත් මහතා (Mr Naresh Rajput MD of cooperative bank),සාංචි රෝහලේ වෛද්‍ය මුකේෂ් කුමාර් මහතා (Dr Mukesh Kumar),එදා සාංචි විහාරය ගොඩනගන කාලයේ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියන්ට හෙවනැල්ල බඳුව සිටි සාංචියේ ප්‍රථම ව්‍යාපාරිකයකු වන ජේයිෂ්වාල් මහතාගේ මුණුබුරු ව්‍යාපාරික සන්තෝෂ් ජේයිෂ්වාල් මහතා (Mr Santosh Jaiswal) සහ ව්‍යාපාරික දේවේන්ද්‍ර සිං ලෝඩි මහතා (Devendra Singh Lodhi) සාංචි චේතියගිරි විහාරාධිපති බානගල විමලතිස්ස හිමියෝ ද එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...