දකුණු අප්‍රිකාවේ පතලක සිරවූ 100ක් මියගිහින්!

Date:

කොළඹ LNW:දකුණු අප්‍රිකාවේ පතලක සිරවී සිටි පිරිසක් අතරින් 100දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්හැර දමන ලද රන් පතලක නීති විරෝධී අයුරින් කැනීම් කර තිබෙන අතර මාස කිහිපයක් ඔවුන් එම පතල තුළ සිරවී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පිරිසෙන් සියදෙනෙකුපමණ මියයාමට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ කුසගින්න සහ විජලනයයි.

පතල් කම්කරුවන් කිහිපදෙනෙකු බේරා ගැනීමටද හැකිවී තිබෙන බව සඳහන්.

විශාල කම්කරුවන් පිරිසක් එම පතලේ කැනීම් කර තිබෙන අතර දිවි ගලවා ගත් පිරිස පවසා ඇත්තේ තවත් 500ක් පමණ පතල තුළ සිරවී සිටින බවයි.

ඒ අනුව පිරිස් ගලවා ගැනීම මෙන්ම මළ සිරිරු ගොඩ ගැනීමද තවදුරටත් සිදුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

දකුණු අප්‍රිකාව රන් වලින් පොහොසත් අතර ඇතැම් ප්‍රදේශවල පවතින නීති විරෝධී රන් පතල් වසාදැමීමට බලධාරීන් කටයුතු කළද බොහෝ පිරිස් ඒවා රහසිගතව කැණීම් කරන බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...