දකුණු අප්‍රිකාවේ පතලක සිරවූ 100ක් මියගිහින්!

Date:

කොළඹ LNW:දකුණු අප්‍රිකාවේ පතලක සිරවී සිටි පිරිසක් අතරින් 100දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්හැර දමන ලද රන් පතලක නීති විරෝධී අයුරින් කැනීම් කර තිබෙන අතර මාස කිහිපයක් ඔවුන් එම පතල තුළ සිරවී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පිරිසෙන් සියදෙනෙකුපමණ මියයාමට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ කුසගින්න සහ විජලනයයි.

පතල් කම්කරුවන් කිහිපදෙනෙකු බේරා ගැනීමටද හැකිවී තිබෙන බව සඳහන්.

විශාල කම්කරුවන් පිරිසක් එම පතලේ කැනීම් කර තිබෙන අතර දිවි ගලවා ගත් පිරිස පවසා ඇත්තේ තවත් 500ක් පමණ පතල තුළ සිරවී සිටින බවයි.

ඒ අනුව පිරිස් ගලවා ගැනීම මෙන්ම මළ සිරිරු ගොඩ ගැනීමද තවදුරටත් සිදුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

දකුණු අප්‍රිකාව රන් වලින් පොහොසත් අතර ඇතැම් ප්‍රදේශවල පවතින නීති විරෝධී රන් පතල් වසාදැමීමට බලධාරීන් කටයුතු කළද බොහෝ පිරිස් ඒවා රහසිගතව කැණීම් කරන බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...