දිනකට නිකුත් කරන පාස්පෝට් ගණන ඉහළට. හදිසි ඒවාටත් වෙනම කවුළුවක්!

කොළඹ LNW:දිනකට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව වැඩිකිරීමට පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් විෂය භාර මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2500බැගින් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

මීට පෙර දිනකට නිකුත්කර ඇත්තේ එම ගමන් බලපත්‍ර 1,200 ක් වන අතර කිසියම් කෙනෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍ය නම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබා ගැනීමට වෙනම කවුළුවක් ද විවෘත කර තිබේ.

එම කවුළුවට ඉදිරිපත් කරන අයැදුම්පත් කමිටුවක් මගින් සලකා බලා හැකි ඉක්මණින් ගමන් බලපත්‍ර ලබා දීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...