වරායේ තදබදයටත් උත්තර දෙයි!

Date:

කොළඹ LNW:ජනාධිපත්වරයාගේ උපදෙස් මත කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරන්නේ ඊයේ (13) දිනට කොළඹ වරායෙන් බහාලුම් 459ක් නිදහස් කර ඇති අතර මීට අමතරව RCT, ග්‍රේලයින් 1 හා 2 අංගනවලින් බහාලුම් 242ක් පරීක්ශාක්ෂාව අවසන් කොට නිදහස් කර තිඇති බවයි.

රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහාලුම් 500ක් පමණ නිදහස් කළ හැකි වුවත් නිෂ්කාශන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වූ නිසා නිදහස් කළ හැකි ප්‍රමාණය පහත වැටුණු බවයි රේගුව පවසන්නේ.

එමෙන්ම රේගුව විසින් නිදහස් කර ඇති නමුත් ආනයනකරුවන් හා ඔවුන්ගේ නිශ්කාෂන නියෝජිතයන් විසින් තවමත් මුදා ගැනීමට කටයුතු නොකළ බහලුම් 603ක් කොළඹ වරාය තුළ මේ වනවිට ඉතිරි වී තිබෙන බවද සඳහන්.

අද (14) උදෑසන වනවිට දොරටු අවසර පත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496ක් ඉතිරි වී තිබෙන අතර අද දිනය නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතුවල යෙදෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….

මම ඉල් අරගලයේ අතීත සමාජිකයෙක් උනත් අද මම ඉන්නෙ...

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...