ආසියා පැසිෆික් කලාපය පුරා චීනයේ බලපෑම හේතුවෙන් ඉන්දියාව නව නාවුක බලඇණියක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ආසියා පැසිෆික් කලාපය පුරා චීනයේ බලපෑම ඉහල යාමත් සමඟ ඉන්දියාව විසින් දේශීයව සාදන ලද නාවුක බලඇණියක් දියත් කර ඇති බව වාර්තා වේ.

සබ්මැරිනයක් , නවුකාවක් ඇතුළු තවත් සාගරික යාත්‍රාවන් දියත් කිරීමේ උත්සවයට සම්බන්ධ වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලියේදී සඳහන් කර තිබුණේ,ඉන්දියාව ලෝකයේ ප්‍රධාන සමුද්‍ර බලවතා බවට පත්වෙමින් පවතින බවත් සිය රට දකුණු ආසියාව තුළ වැඩෙන චීනයේ බලපෑම සමඟ තරඟ කරමින් සිටින බවත්, මෙම ශතවර්ෂය සඳහා නාවික හමුදාව සූදානම් කිරීම සඳහා විශාල පියවරක් තබන බවත්ය.

මේවන විට අත්ලාන්තික් සාගරයේ ආධිපත්‍යය දැරූ උපායමාර්ගික වැදගත්කම ඉන්දියන් සාගරයට මාරු වෙමින් පවතින එබැවින් කලාපය ජාත්‍යන්තර එදිරිවාදිකම් මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබේ.

ඒ අනුව, නව දිල්ලිය ඉදිරි දශකය තුළ සිය යුද නැව් සහ සබ්මැරීන් ඇණිය 150 සිට 170 දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර නව දිල්ලිය එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ස්පාඤ්ඤය සමඟ ප්‍රධාන ආයුධ ගනුදෙනුවලට ද අත්සන් කර ඇති අතර ප්‍රංශයේ නිෂ්පාදිත රෆාල් ප්‍රහාරක ජෙට් යානා සහ ස්කොර්පීන් වර්ගයේ සබ්මැරීන මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන ගණනක ගනුදෙනු සඳහා මේ වන විට පැරිස් සමඟ සාකච්ජා කරමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...