ජනාධිපති අනුර ගෙනාපු චීන ආයෝජනය මුලින්ම ගේන්න හැදුවේ ජනාධිපති මහින්ද – නාමල්

Date:

කොළඹ LNW:ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් ලෙස චීනයෙන් මෙරටට ලැබී තිබෙන හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ ආයෝජනය ගැන 2015 පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේද සාකච්ජා සිදුකෙරුණ නමුත් ඊට ජනතා විමුක්ති පෙරමුණෙන් විශාල විරෝධයක් ඇති කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එම ආයෝජනයම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේත්,රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමයේත් සිදුකිරීමට උත්සහ කළද එම සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කෙසේනමුත් ප්‍රමාද වී හෝ එම ආයෝජන ව්‍යාපෘතිය රටට ගෙන ඒම ගැන සතුටු වන බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

”ඔය ආයෝජනයම 2015ට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සමයේ සාකච්ජා කරන කොට දරුණු විදිහට විවේචනය කෙරුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේත් නැවත මේ ව්‍යාපෘතිය කරන්න උත්සහ කරද්දී එතුමන්ලා කිව්වේ මේක අපි චීන කොලනියක් කරන්න යනවා කියල. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලේ කංචන විජේසේකර ඇමතිවරයාත් ඒ කැබිනට් පත්‍රය දැම්මා. එදා දරුණු විදිහට චීන යෝජනා විවේචනය කරපු ගරු අනුර කුමාර දිසානායක අතිගරු ජනාධිපතිතුමා අද ඒ ගිවිසුම අත්සන් කරලා තියෙනවා. පරක්කු වෙලා හරි ලංකාවේ විශාලතම ආයෝජනය ගෙන ඒම පිළිබඳව සතුටුයි.” යනුවෙන් ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...