ටෲඩෝ වෙනුවට කැනඩාවේ අගමැති ලෙස ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් ඉදිරිපත් වීමට නියමිතයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ සිය ධුරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ එම තනතුර වෙනුවෙන් ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් තරඟ කිරීමට සුදානම් බව වාර්තා වේ.

කැනේඩියානු දේශපාලනඥයෙක් සහ මාධ්‍යවේදිනියක්වන ඇය මේ වන විට 57වන වියේ පසුවේ.

ඇන්ගස් රීඩ් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් ඉදිරි මැතිවරණයකදී ලිබරල් පක්ෂයට වඩාත්ම ආකර්ෂණිය නායකයා වශයෙන් ෆ්‍රීලන්ඩ් හඳුනාගෙන ඇති තර ඇය මීළඟ ලිබරල් නායකයා හා මීළඟ අගමැති වීම අපේක්ෂා කරන අතර ඇය ටෲඩෝ ගේ ආණ්ඩුවේ හිටපු මුදල් අමාත්‍යවරිය හා උප අගමැතිනිය වේ.

පක්ෂය නායකත්ව තරඟයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන මාර්තු 9 වන දින ෆ්‍රීලන්ඩ් ජයග්‍රහණය කළහොත්, ඇය ජීන් ක්‍රේටියන්ට පසුව නියෝජ්‍ය තනතුරේ සිට අගමැති දක්වා මාරු වූ දෙවන කැනේඩියානු ජාතිකයා වනු ඇති අතර ඇය කැනේඩියානු ඉතිහාසයේ දෙවැනි අගමැතිනිය ද වනු ඇත.

පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව වෙනුවෙන් තීරුබදු 25%කින් වැඩි කිරීමත් සමඟ එක්සත් ජනපද තීරුබදු තර්ජනය හසුරුවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අගමැති ජස්ටින් ටෘඩෝ සමඟ ගැටීමෙන් පසු ගිය මාසයේ රටේ මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ට්‍රම්ප්ගේ තිරිබදු වැඩිකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සඳහනක් කරමින් ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් සඳහන් කර තිබුණේ, ඔබ ඔබේ රටට ආදරේ මෙන් අපි අපේ රටට ආදරේ බවත් අපට පහර දෙන්නේ නම් ඇප පසුනොබසින බවත් පහර දෙන බවත්, කැනඩාව ඇමරිකාවේ විශාලතම අපනයන වෙලඳපො ළ වන අතර ෆ්ලොරිඩා දොඩම් වගා කරන්නන්, මිචිගන් පිඟන් සෝදන නිෂ්පාදකයින් සහ විස්කොන්සින් කිරි ගොවීන් සුදානම් විය යුතු බවත්, අපගේ ආර්ථිකයට පැහැර දෙන්නේ නම් අපේ ප්‍රතිචාරය එක්සත් ජනපද ආර්ථිකය මෙතෙක් විඳ ඇති විශාලතම වෙළඳ පහර වනු ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...