මනූෂගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ (LNW):

කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම හා ජාවාරම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් බවට පත් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

SCFR/10/2025 යන අංකය යහතේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සෘතුමය වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාව වෙත යොමු කිරීම සදහා අත්සන් කරන ලද අවභෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් කරග ඇතැයි පැවසෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයකට අදාලව හුදු දේශපාලන එදිරිවාදිකම් මත පදනම්ව ද්වේශ සහගතව සහ අනීතික ලෙස තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් බවට කරුණු අනාවරණය වී ඇති බවත්, එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්ය.

ඒ අනුව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර සිය පෙත්සම මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති අතර ඉදිරියේදි එම පෙත්සමට අදාලව පෙත්සම්කරුගේ නීතීඥයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට අපේක්ෂා කරන බවද සදහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...