චීනයේ RedNote සමාජ මාධ්‍ය යෙදවුමට ඇමරිකාවේ ඉහළ ජනප්‍රියත්වයක්!

Date:

කොළඹ LNW:මෑතකදී චීනයේ RedNote නම් සමාජ මාධ්‍ය යෙදුම ඇමරිකාවේ ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම උතුරු ඇමරිකාවේ Apple App Store හි නොමිලේ යෙදුම් බාගත කිරීමේ ශ්‍රේණිගත මට්ටමේ පළමු ස්ථානය ද RedNote යෙදුමට හිමිව ඇත.

ඊයේ (19) සිට ඇමරිකාව තුළ TikTok භාවිත කිරීම තහනම් වීම නිසා ඇමරිකාවේ TikTok ගිණුම් හිමියන් මෙම RedNote යෙදුම වෙත යොමු වීම ආරම්භ වී තිබේ. මෙලෙස යොමු වන පිරිස TikTok සරණාගතයන් ලෙස සලකනු ලබයි.

RedNote ඇමරිකා‍නු ජාතිකයන්‍ අතර මේ අයුරින් වඩාත් ජනප්‍රිය වීමෙන් පිළිබිඹු වන්නේ අන්‍යෝන්‍ය අවබෝධය හා හුවමාරු පිළිබඳ චීන-ඇමරිකා ජනතාවගේ අපේක්ෂාවන් ය. චීන සංවර්ධනය මර්දනය කරමින් ඇමරිකා දේශපාලනඥයන් චීන ප්‍රතිරූපය අපකීර්තිය‍ට ලක් කිරීමට උත්සහා කළ ද දෙරටේ ජනතාව‍ අතර සහයෝගීතා සඳහා බාධා එල්ල කළ නොහැකි බව ඉනි පැහැදිලි වේ.

පසුගිය නොවැම්බර් මස ලීමා නුවරදී පැවති චීන-ඇමරිකා නායක හමුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සඳහන් කර ඇත්තේ චීනය හා ඇමරිකාව අතර සංවාද හා සහයෝගිතා ශක්තිමත් කරමින් දෙරට අතර පුද්ගල ගමනාගමනය හා හුවමාරු වෙනුවෙන් නව අවස්ථා නිර්මාණය කළ යුතු බවයි.

2023 වසරේ ෂී ජින්පිං මහතා San Francisco නුවරදී ද ප්‍රකාශ කළේ ඉදිරි වසර 5 තුළ ඇමරිකා තරුණයන් පනස්දහසකට චීනයේ හුවමාරු වැඩසටහන් හා අධ්‍යයන කටයුතු කිරීමට ආරාධනා කරන බවයි. එම යෝජනාවට අනුව 2024 වසරේ ඇමරිකාවේ තරුණයන් පහළොස්දහසක් පමණ චීනයට පැමිණ තිබේ.

චීන-ඇමරිකා සබඳතාවේ දොරටුව ජනතාව විසින් විවෘත කරන ලද්දකි. එම දොරටුව විවෘත වීමෙන් පසු යළි වසා දැමිය නොහැකි බව දෙරට ජනතාවගේ ක්‍රියාවන් මගින් මනාව පිළිබිඹු වනු ඇත.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...

අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: 2024 වසරේ අල්ලස් ලබා...