එජාප – සමඟි සාකච්ජා අද නිල වශයෙන් ඇරඹේ!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ ඉදිරි දේශපාලන කටයුතු සහ එකඟතා සම්බන්ධයෙන් අද (20) දින නිල වශයෙන් සාකච්ජා ආරම්භ කරන බව වාර්තා වෙයි.

ඒ අනුව දෙපාර්ශවය නැවත එක්වීම සඳහා ඇති ඉඩකඩ පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකරනු ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර එම කටයුතු සම්පූර්ණ කර ගැනීම එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ප්‍රධාන ඉලක්කයක් වී තිබේ.

එම නිල සකාච්ජා සඳහා දෙපාර්ශවයෙන්ම නම් කරන ලද පිරිසක් සහභාගී වන බව සඳහන්.

සාකච්ජා අවසන් කර එකඟතාවලට පැමිණීමෙන් අනතුරුව ඉදිරි නායකත්වය ගැන තීරණයක් ගැනීමට නියමිත බවද දැක්වෙයි.

එක්සත් ජාතික පක්ෂය හා නැවත එක්වීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා සමඟි ජන බලවේගයේ ඇතැම් පාර්ශවයන්හි විරෝධයක් පැවතියද පසුගිය 16 වැනිදා පැවති සමඟි කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දෙපාර්ශවයේ සාකච්ජා සඳහා අනුමැතිය හිමිව තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...