*
Monday, January 20, 2025
spot_img

Latest Posts

මෙටා සමාගමත් ගල්යුගය සීඝ්‍රගාමී දුම්රියට ගොඩවෙයි: මින්පසු අවිද්‍යාව වපුරා ජනතාව මර්දනයට කළාට කමක් නෑ! 

ඉසුරු පරාක්‍රම

ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කුප්‍රකට ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස පදවි ප්‍රාප්තිය ලැබීමට සමඟාමී ව, ගෝලීය සමාජ මාධ්‍ය අවකාශයේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතින අයුරු නිරීක්ෂණයකළ හැකි ය. මෙම දේශපාලන පෙරළිය හුදෙක් එක්සත් ජනපදයට සීමා නොවන අතර, එය ගෝලීය ප්‍රවණතාවල හැඩතල කැපීමට ද හේතු වී තිබේ. 

ඉකුත් ජනවාරි 08 වන දින මෙවන් දැවැන්ත පෙරළියක් සමාජ මාධ්‍ය අවකාශයේ දැකීමට හැකිවිය. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ මාධ්‍ය වේදිකා අයත්වන මෙටා සමාගමේ වෛරී ප්‍රකාශ පිළිබඳ ප්‍රතිපත්තීන්වල සිදු වූ මෙම වෙනස මහත් ආන්දෝලනයට තුඩු දී තිබේ. 

මෙටා සමාගමට අයත් සමාජ මාධ්‍ය වේදිකාවල පළකරනු ලබන අන්තර්ගතයන් වාරණය කිරීමට අදාළ ප්‍රතිපත්තීන් ඔස්සේ, ලිංගික දිශානතිය (sexual orientation) හෝ සමාජභාවී අනන්‍යතාවය (gender identity) මත පදනම් ව එකී පුද්ගල අනන්‍යතාවල විවිධත්වයක් දක්වන පුද්ගලයන් “මානසික රෝගීන්” යැයි හංවඩු ගැසීමට පරිශීලකයන්ට අවසර ලබා දී තිබේ. 

මෙම සංශෝධනයන් පැමිණෙන්නේ මාර්ගගත අවකාශය තුළ භාෂණයේ නිදහස මධ්‍යස්ථව පවත්වා ගැනීම සඳහා ඇතුළත් කරනු ලබන ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙසිනි. මෙටා සමාගමේ සමාජ මාධ්‍ය වේදිකාවල, ඊලෝන් මස්ක්ගේ එක්ස් (මීට ඉහත ට්විටර් යැයි හඳුන්වනු ලැබූ) සමාජ මාධ්‍ය ජාලයට සමාන පරිදි, පළකරනු ලබන කරුණුවල සත්‍ය අසත්‍යතාව (fact-checking) සෙවීම සඳහා ප්‍රජා-ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව එක්ස් සමාජ මාධ්‍යයේ පළකළ හැකි ප්‍රජා සටහන් (Community Notes) වලට සමාන ක්‍රමවේදයක් දියත් කරන බවත් මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසා සිටියි.

මේ අනුව, කරුණු වාරණය කරනු වෙනුවට, පළකරනු ලබන කරුණුවල සත්‍ය අසත්‍යතාව තීරණය කිරීම ජනතාව අතට ම පැවරීම සකර්බර්ග්ගේ අභිලාෂයයි. 

මෙම සංශෝධනවලට අමතරව, වෛරී ප්‍රකාශ තහනම් කරන ප්‍රධාන නීති කිහිපයක් මෙටා විසින් ඉවත් කර ඇති බව ද වාර්තා වේ. ඒ අනුව, ජනවාර්ගිකත්වය, ජාතිකත්වය, ජාතික සම්භවය, ආබාධිත තත්ත්ව, ආගම, ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂභාවය, සමාජභාවී අනන්‍යතාවය, හෝ බරපතල රෝගී තත්ත්ව වැනි පුද්ගලයකුගේ බාහිර පෙනුම මත පදනම් වූ අපහාස වාරණය කිරීමට මෙටා සමාගම තවදුරටත් කටයුතු නොකරනු ඇත. එමෙන්ම, සංක්‍රාන්ති සමාජභාවී හෝ සමාජභාවයේ ද්විත්ව-නොවන (non-binary) අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ බාහිර ලක්ෂණ මත ඔවුන් මනුෂ්‍යයන් වෙනුවට සතුන්ට සමානකර ඉදිරිපත් කරනු ලබන අදහස් වාරණය කිරීමට අදාළ ප්‍රතිපත්තීන් ඉවත්කර ගැනීමට ද මෙටා සමාගම කටයුතුකර ඇත.  

මානසික සෞඛ්‍යය මත පදනම් ව යම් පුද්ගලයකුට අපහාස එල්ල කරනු ලබන පෝස්ටුවලට එරෙහි ව වාරණ ක්‍රියාමාර්ගයන් ගැනීමට මෙටා සමාගමේ ප්‍රතිපත්තීන් පැවතිය ද, විවිධ ලිංගික අනන්‍යතා මත පදනම් ව යම් පුද්ගලයකු අරඹයා එවන් අපහාසයක් සිදුකරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් එකී ප්‍රතිපත්තීන් වලංගු නොවීම මෙහි පවතින උභතෝකෝටිකය වේ. 

මෙය නූතන විද්‍යාත්මක සොයා ගැනීම් සහ මානව හිමිකම් ජයග්‍රහණයන්ට එරෙහිව එල්ලකරන ලද ප්‍රභල කුළුගෙඩි පහරක් ලෙස හඳුනාගත හැකි අතර, විවිධ ලිංගික අනන්‍යතා මත සමාජයේ ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන් භෞතික අවකාශයේ පමණක් නොව සයිබර් අවකාශයේ ද අනතුරේ හෙලන ක්‍රියාවක් යැයි පුරෝකථනයකළ හැකි ය. 

මෙවන් සංශෝධනයක් තම අන්තර්ගතයන්වලට අදාළ ප්‍රතිපත්තීන්තුළ සිදුකරනු ලැබුවේ මන් ද යන්න කර ඇති විමසීම්වලට මෙටා සමාගම පැහැදිලි විග්‍රහයක් ලබා දී නොමැති බව ද වාර්තා වේ. 

කෙසේවෙතත්, මෙමඟින් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ත්‍රෙඩ්ස් ඇතුළු මෙටා සමාගමට අයත් සමාජ මාධ්‍ය වේදිකා හරහා වෛරී ප්‍රකාශ නිකුත් කිරීම සහ සාවද්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම පිළිබඳව එම සමාගම දරන ස්ථාවරය සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් ලබා දේ.

යම් තැනැත්තකුගේ ලිංගික දිශානතිය හෝ සමාජභාවී අනන්‍යතාවය මත පදනම් ව එම තැනැත්තාට මානසික රෝගයක්, හෝ මානසික අසාමාන්‍යතාවයක් පවතින බවට චෝදනා එල්ල කිරීමට මෙටා අවකාශය විවෘත බව එම ප්‍රතිපත්තීන්වල දැක්වෙයි. 

මෙම ප්‍රතිපත්තිය සාධාරනීකරණය කිරීමට මෙටා සමාගම පවසා ඇත්තේ, සංක්‍රාන්ති සමාජභාවී සහ සමරිසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින දේශපාලනික හා ආගමික වාදවිවාද හේතුකොටගෙන මෙම ලිහිල් කිරීම සිදුකර ඇති බවයි. ඒ අනුව, “බරපතල නොවන සන්දර්භයන්” (non-serious contexts) ඇතුළත විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් “අද්භූත” (weird) වැනි පදවලින් හැඳින්වීමට මෙටා සමාගම ඉඩ අවකාශය ලබා දෙන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් පැවසීමට ඇති කරුණු දෙකකි. 

පළමුවැන්න:  මෙම ප්‍රතිපත්ති සංශෝධනයේ දැක්වෙන්නේ පහත පරිදි වගන්තියකි.

We do allow allegations of mental illness or abnormality when based on gender or sexual orientation, given political and religious discourse about transgenderism and homosexuality and common non-serious usage of words like ‘weird.

සංක්‍රාන්ති සමාජභාවී යනු විශේෂණ පදයකි. ඉංග්‍රීසියෙන් එය transgender යනුවෙන් හඳුන්වනු ලබයි. ඉංග්‍රීසි භාෂාව තුළ “transgenderism” යැයි වචනයක් නොපවතී. Transgenderism යැයි පැවසීම තුළින් යම් තැනැත්තකු සංක්‍රාන්ති සමාජභාවී වීම එම තැනැත්තාට ආවේණිකවන පෞද්ගලික අනන්‍යතාවයක් හෝ අත්දැකීමක්වනු වෙනුවට, “පද්ධතියක්”, “ජීවන විලාශයක්”, “න්‍යාය පත්‍රයක්” හෝ “මතවාදයක්” වන බවට අදහසක් ගම්‍ය වෙයි. මෙය විද්‍යාත්මක වශයෙන් සාවද්‍යවන අතර, පුද්ගලයකුගේ සමාජභාවී අනන්‍යතාවය බොහෝ සෙයින් දේශපාලනීකරණය කරනු ලබයි.

දෙවැන්න: නූතන විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව ලිංගික අනන්‍යතාවල පවතින විවිධත්වය මානසික රෝගී කාණ්ඩවලට ඇතුළත්කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛ සියලු පිළිගත් ආයතන විසින් තහවුරු කර තිබෙන පසුබිමක් තුළ, දේශපාලනික, ආගමික තබා කුමන සන්දර්භයක් තුළ හෝ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් “මානසික රෝගීන්” ලෙස හංවඩු ගැසීම බරපතල මානව විරෝධී ක්‍රියාවකි. ඒ අනුව, මෙවන් චෝදනාවක් “බරපතල නොවන සන්දර්භයන්” තබා කුමන සන්දර්භයක් යටතේ වත් එල්ලකළ නොහැකිය. එය සාවද්‍ය තොරතුරු ප්‍රවර්ධනය කිරීමක් මෙන්ම, මනුෂ්‍යත්වය පතුලට ම යටකර දැමීමකි. 

මෙම සංශෝධනයන් විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වල දැඩි දෝශදර්ශනයට ලක්ව තිබේ. මෙටා සමාගමේ මෙම ක්‍රියාකලාපය වෛරී ප්‍රකාශ අනුමත කිරීමක් බව ගෝලීය LGBTQIA+ අධිවාචන සංවිධානයක්වන GLAAD පෙන්වා දෙයි. මෙමඟින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්, සංක්‍රමණික ප්‍රජාව සහ අනෙකුත් අධි අවදානම් කණ්ඩායම් හානිකර සහ අමානුෂික පරිසරවලට නිරාවරණය කරන බව එම සංවිධානය අවධාරණය කර සිටියි. 

මෙටා සමාගම තම පරිශීලකයන්ගේ ආරක්ෂාවට වඩා ලාභයට ප්‍රමුඛත්වය දීම, සහ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහි වෛරය සාමන්‍යකරණය කිරීම තුළින් භාෂණයේ නිදහස ආරක්ෂා කරනු වෙනුවට තවදුරටත් අඩපණ කර ඇති බවයි එම සංවිධානයේ සභාපතිනි සේරා කේට් එලිස් පවසා සිටියේ. 

ආන්තීකරණයට ලක්වන ජනකණ්ඩායම් පහත්කොට සැලකීම ඉතිහාසයේ පටන් ම බලලෝභී ගතානුගතික දේශපාලනික න්‍යායපත්‍රවල දක්නට ලැබුණු ලක්ෂණයකි. මාර්ක් සකර්බර්ග්, ඊලෝන් මස්ක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අධිපතිවරුන් කිහිප දෙනෙකු ම මෑත ඉතිහාසය තුළ එක්සත් ජනපදයේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට සැලකිය යුතු මට්ටමක පරිත්‍යාග ලබා දී ඇත. මීට අමතරව, ට්‍රම්ප්ගේ දැවැන්ත අනුගාමිකයකු වන, ඇමරිකානු සටන් ක්‍රීඩා සමාගමක් වන Ultimate Fighting Championship හි සභාපති ඩේනා වයිට් ඉකුත් දින මෙටා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට බඳවාගනු ලබන බව මෙටා සමාගම නිවේදනය කළේය. සයිබර් අවකාශය කලමනාකරණය කිරීමේ දී තාක්ෂණික සමාගම් දේශපාලන අධිකාරිය හමුවේ දණ නමනු වෙනුවට සිය භූමිකාවන් පිළිබඳව දෙවරක් සිතිය යුතු වේ. සමාජ මාධ්‍ය පවතින්නේ ජනතාවගේ හඬට අවකාශය ලබා දීමට නම්, ආන්තික ජන කණ්ඩායම් ද එම ජනතා නියෝජනය තුළ සිටින බව මෙම තාක්ෂණික සමාගම්වල දැවැන්තයන් අමතක නොකළ යුතු ය.

එක්සත් ජනපදයේ දේශපාලන පෙරළිය හුදෙක් එක්සත් ජනපදයට පමණක් නොව මුළුමහත් ලෝකයටම බලපාන බව පෙන්වීමට මෙටා සමාගමේ මෙම වෙස් පෙරළිය හොඳම නිදසුනක් සපයයි. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan