සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 22,(LNW)කොළඹ :
මහනුවර ක්‍රීඩා සමාජය සිය නිත්තවෙල රාජධානියට පැමිණි නාවික හමුදා රගර් කණ්ඩායමට ලකුණු 66 – 05 ක සංග්‍රහයක් ලබා දෙන්නට කටයුතු කළා.තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 38 – 0 ක් ලෙස ඉදිරියෙන් සිටි මහනුවර කණ්ඩායම තරගය අවසාන වන විට එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 28 ක් එකතු කර ගන්නට සමත් වුණා.
නාවික හමුදා කණ්ඩායමට එල්ල වුණ දැඩි ප්‍රහාරය හමුවේ මහනුවර සීමාව ආක්‍රමණය කිරීමට වඩා තමන්ගේ සීමාව රැක ගැනීමට මූලිකව අවධානය යොමු කරන්නට සිඳු වූ අතර එම තත්ත්වය තුළ ඔවුන්ට හැකි වුණේ දෙවන අර්ධයේ ලබා ගත් ලකුණු 5 න් සීමා වන්නටයි.
මේ තරගය තවත් අතකින් සමස්ත ලාංකේය රගර් ඉතිහාසයට වැදගත් සළකුණක් කිරිමට චරනි ලියනගේ සමත් වුණා.ඇය පළමු පෙළ පිරිමි ජාතික ලීග් සූරතාවයක විනිසුරුවරියක් ලෙස කටයුතු කළ පළමුවැන්නිය ලෙස ඉතිහාසයට එකතු වුණා.
නූතණ ලෝකය හා සසඳද්දි චරණිගේ මේ සහභාගීත්වය අපූරු දෙයක් නොවුණ ද,ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංස්කෘතිය ඇතුළේ එය කාන්තාවකට ජයගත නොහැකි අසීරු ඉලක්කයක් බව ඒ වෙනුවෙන් ඇයට ලැබුණු බුහුමන්ම පැහැදිළි කළා.ඒ සඳහා පිරිමි ආධිපත්‍යය යටතේ අමුතු අවස්ථාවක් ගැහැණියකට හිමිවීමක් ලෙස බොහෝ දෙනෙකුට මේ තත්ත්වය මතු වී පෙණුනත්,එය ඉදිරියට ලිංග බේදයකින් තොරව දක්ෂතාවය අනුව දක්ෂයාට හිමි විය යුතු දෙයක් බවට පත් විය යුතුයි.
ඒ අනුව අලුත් සංස්කෘතියකට අමුතු සහ අපූරු නොවන මාවතකට ලාංකේය රග්බි පිටියේ කාන්තාවට ලැබෙන සැළකීම වෙනස් කරන්න දායකවිම සම්බන්ධයෙන් විවිධ විවේචන සහිතව වුව ද ඉහළින්ම විනිසුරු සංගමයට සහ ජාතික රග්බි ලීගයේ මෙහෙයවන පිරිසට ගෞරවය පුද කළ යුතුයි.
චරණිට ඉතිහාසයට එක් වතාවක් එකතු වුව ද,සිය දහස් වතාවක් සිය නම පැවසෙන විනිසුරුවරියක ලෙස යළි යළිත් මතකයට නැඟෙන මෙහෙවරක් කිරීමට ශක්තිය හා දිරිය පතන අතරේම ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ට ක්‍රීඩිකාවක ලෙස අනාගතය වෙනුවෙන් සපයන පූර්වා දර්ශයද ඇගයිය යුතුයි.ක්‍රීඩාවේ ජිවත්වීමට ක්‍රීඩිකාවගේ භූමිකාවෙන් ඔබ්බට සපුරා ගත යුතු අධ්‍යාපනික සහ වෘත්තියමය වූ තවත් දිශානති ඇති බවටත්,ක්‍රීඩාවේ ආදරය ක්‍රීඩා කිරීමෙන් ඔබ්බට විහිදුවා රැක ගත හැකි බවටත් ඇය පෙන්වන උදාහරණය සුළුවෙන් තැකිය නොහැකියි.
මහනුවර ජයට වඩා ලංකාවේ පසුගාමී ලිංගික බෙදීමේ ස්වභාවයට එරෙහිව උත්කර්ශයට නැංවිය යුතු සිඳුවීම චරණිගේ විනිසුරු ප්‍රවේශය බැවින් අපි වැඩි පුර ඡායාරූප තෝරා ගැනීමේදී චරණිට අවධානය දුන්නෙමු.