ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෙඩ නො‘සළකා නම් කළ කණ්ඩායමට අලුතින් දෙදෙනෙක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 24 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවත්වෙන ටෙස්ට් තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.එම කණ්ඩායම සඳහා ආබාධ නිසා මේ තරගාවලියට සහභාගි නොවනු ඇතැයි ප්‍රකට වූ ධනංජය ද සිල්වා,කමිඳු මෙණ්ඩිස් සහ පැතුම් නිශ්ශංකත් නම් කර තිබෙනවා.එම නම් කිරීමට අනුව ශාරිරික යෝග්‍යතාවය මත ක්‍රීඩා කරනු ඇතැයි සඳහන් කර ඇත්තේ පැත්ම් නිශ්ශංක පමණයි.


ධනංජය ද සිල්වාගේ නායකත්වය යටතේ නම් කර තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් සංචිතය සඳහා පළමු වරට කැදවීම් ලබන ක්‍රීඩකයින් දෙනෛකුද දකින්නට ලැබෙනවා.ඒ දිනූෂ සොනාල් සහ ලහිරු උදාරයි.කණ්ඩායමට අලුතින් කැඳවා තිබෙන දිනූෂ සහ ලහිරු මේ මොහොත වන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමඟ සහභාගි වූ තරගවලදී ඉහළ දස්කම් දක්වමින් සහ පළමු පෙළ තරගාවලියේදී ද ඉහළ දස්කම් දක්වමින් ප්‍රබල මට්ටමක සිටිනවා.


පහතින් දැක්වෙන්නේ නම් කර ඇති 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය වන අතර ඡායාරූපයේ දැක්වෙන්නේ ටෙස්ට් සංචිතයට අලුතින් කැඳවන ලද දිනූෂ සොනාල් සහ ලහිරු උදාරයි.
1) ධනංජය ද සිල්වා – නායක
2) දිමුත් කරුණාරත්න
3) පැතුම් නිශ්ශංක – යෝග්‍යතාවයට යටත්ව
4) ඕෂද ප්‍රනාන්දු
5) ලහිරු උදාර
6) දිනේෂ් චන්දිමාල්
7) ඇන්ජලෝ මැතිව්ස්
8) කමිඳු මෙන්ඩිස්
9) කුසල් මෙන්ඩිස්
10) සධීර සමරවික්‍රම
11) සොනාල් දිනූෂ
12) ප්‍රභාත් ජයසූරිය
13) ජෙෆ්රි වැන්ඩර්සේ
14) නිශාන් පීරිස්
15) අසිත ප්‍රනාන්දු
16) විශ්ව ප්‍රනාන්දු
17) ලහිරු කුමාර
18) මිලාන් රත්නායක

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...