ඇමතිගේ වචනයෙන්ම කියනවා නම් තෙල් සංස්ථාව බංකොලොත් ! – ආනන්ද පාලිත (VIDEO)

Date:

මේ වසරේ ජුනි මාසයේදී ඉදිරි මාස 8ක් සඳහා බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාතුව ලබාදුන් නයිජීරියානු සමාගම තෙල් කඳුළක්වත් මෙරටට සපයා නොමැති බව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා පවසයි.

“මේ අවුරුද්දෙ ජුනි මාසෙ කොන්සියෝ කියන නයිජීරියානු සමාගමකට මාස 8කට අඛණ්ඩ බොරතෙල් කොන්ත්‍රාතුව දුන්නා. මේ සමාගම එක තෙල් කඳුළක්වත් සංස්ථාවට තෙල් සපයලා නෑ. ඒක හින්දා හදිසි මිලදීගැනීම් වලට ගියා නැව් දෙකක් ගෙන්වාගන්න පුළුවන් වුණා. මේ නැව් දෙකට විතරක් අපි ඩොලර් මිලියන 8කට වඩා ගෙවලා තියෙනවා. දින විසිගාණක් යන්නෙ සේවකයින්ට කෝටි 10ක් ඉක්මවන්න මාසික පඩි ගෙවන්න වෙනවා. දිනක නිෂ්පාදන ධාරිතාවය 30%ක් නැතිවීම නිසා දිනකට කෝටි 10ක් ඉක්මවනවා වැඩිපුර ගෙවන මුදල් පිරිපහදු තෙල් ගේන්න. තෙල් සංස්ථාව ඇමතිගෙ වචනෙන් කියනවා නම් බංකොලොත් !”

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (30) වත්තල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුන්දර් පිචායි නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත් වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගූගල් හිමිකාරීත්වය දරන...

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...