අවපැහැ ගැන්වුණු පැරිස් පදක්කම් වෙනුවට අලුත් පදක්කම්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 26 ,(LNW)කොළඹ :

පරිස් 2024 වෙනුවෙන් ජයග්‍රාහකයන් වෙත ලබා දුන් පදක්කම් අවපැහැ ගැන්වෙන බවට එල්ල වෙන චෝදනා එන්න එන්නම වැඩි වෙන තත්ත්වය තුළ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලබා දුන් පදක්කම් වෙනුවට අලුත් පදක්කම් ලබා දීමට තීරණය කර තිබෙනවා. මලකඩ පැල්ලම්, මතුපිට ඇඳීම සහ ලෝහයේ මුල් දීප්තියට වඩා වෙනස් අඳුරු බැබළීමක් මාස කිහිපයකට පසු දිස් වීම නිසා ජයග්‍රාහක පදක්කම්ලාභීන් වෙතින් නොකඩවා මැසිවිලි සහ විවේචන එල්ල වීම නිසා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට මෙම තීරණය ගැනීමට සිඳු වී තිබෙනවා.


සිය රටේ කීර්තය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලක් දක්වන ප්‍රංශ ජාතිකයින් ඇති වී තිබෙන මෙම තත්ත්වය පිළිබඳව දැඩි කණස්සල්ලෙන් පසුවන අතර මෙම පදක්කම් නිෂ්පාදනයට හොඳම ශිල්පීය හැකියාවන් සහ හොඳම ද්‍රව්‍ය ඇතුළත් වීම, IOC විසින් නොසලකා හැර ඇති බවට චෝදනා එල්ල වෙනවා.


ක්‍රීඩා උළෙල අතරතුරදීම, බ්‍රිතාන්‍ය කිමිදුම් ක්‍රීඩිකාවක් වන යස්මින් හාපර් මේ පදක්කම්වල අවපැහැ ගැන්වීම ගැන චෝදනා එල්ල කරන්නට පටන් ගත් අතර ඇමරිකානු ෆිගර් ස්කේටර් නයිජා හස්ටන් ද සමාජ මාධ්‍යවල ඔහුගේ පදක්කමේ දුර්වල ගුණාත්මකභාවය තරගාවලිය නිමා කළ ආසන්නයේම පෙන්වා දී තිබුණා.මේ ආකාරයට පදක්කම්ලාභීන් සිය ගණනක් කෙළින්ම IOC වෙත ද සිය කණස්සලු සහගතභාවය පදක්කම් සම්බන්ධයෙන් පළ කරද්දී,එම පදක්කම් වෙනුවට නව පදක්කම් ලබා දීමේ තීරණයකට IOC වෙත යොමු වෙන්නට සිඳු වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...