වැට⁣ලිමක් අතරතුර බදින ලද තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් නිලධාරියෙකුට තුවාල!

0
492

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ (LNW):

අද (26) දහවල් කන්දකැටිය පොලිස් වසමේ අග්ගලා උල්පොත කැලෑබද ප්‍රදේශයේ වැට⁣ලිමක් සිදුකරමින් සිටියදි, බදින ලද තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල් ජනක (78477) නැමැති අයෙකු මෙසේ තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.අද (26)දින පෙරවරුවේ , තුවාල ලත් මෙම නිලධාරියා ඇතුළු පස් දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් විසින් අග්ගලා උල්පොත කැලෑබද ප්‍රදේශයේ පෙරනු ලබන නිති විරෝධී මත්පැන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.