මේ දවස්වල සුදා නිහඬ ඇයි ?

Date:

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (ජනවාරි 28) අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

CA/COC 01/2025 යන අංකය යටතේ මේ නඩුව ගොනුකර තිබෙන්නේ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින්.

ඒ, සුදත්ත තිලකසිරිගේ යූටියුබ් නාලිකාවක විකාශය කරන ලද වැඩසටහනක් තුළින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු දැක්වීමක් සිදුකළ බව පවසමින්.

නඩුව ගොනු කෙරුණේ පසුගිය ජනවාරි 17 වනදා. එයින් පස්සේ මේ දවස් ටිකේ සුදත්ත වැඩිය පේන්න හිටියෙත් නැහැ. කොහොමවුණත් අධිකරණයට අපහාස කිරීම කියන්නේ බරපතළ චෝදනාවක්.

සුදත්ත තිලකසිරි රංගන ශිල්පියෙක් වගේම පසුගිය ජනාධිපතිවරණ සමයේ අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ සුවිශේෂී දායකත්වයක් ලබාදීපු කෙනෙක් හැටියටත් ප්‍රසිද්ධයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...