පුල්මුඩේ ඛනිජ වැලි සමාගම අපි විකුණන්නේ නෑ. අපි ජාත්‍යන්තර ආයෝජකයින් ගේනවා – ඇමති හඳුන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය රජයන් විසින් ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ පුල්මුඩේ කර්මාන්ත ශාලාව පාඩු ලබන තත්වයට පත්කර විකුණා දැමීමට සැලසුම් කර තිබුණත් තමන් එසේ නොකරන බවත් මේ කර්මාන්ත ශාලාව දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර ආයෝජකයින් කැඳවීමට තමන් බලාපොරොත්තු වන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“විශේෂයෙන්ම මේ ආයතනය රටේ අපනයන ආර්ථිකය දියුණු කරන්න විශාලම දායකත්වයක් ලබාදෙන්න පුළුවන් ආයතනයක්. අගය එකතු කිරීමේ ක්‍රියාවලිය හරහා ස්වභාවික සම්පත් වන මේ ඛනිජ වැලි නිෂ්පාදන බවට පත් කරන්නෙ අපි. ලෝකයේ ලොකුම ඉල්ලුමක් අපට තියෙනවා. විශේෂයෙන්ම ඛනිජ වැලි ලබාගැනීමේ පහසුකම ලෝකයේ වෙන කිසිම රටකට වඩා අපිට තියෙන්නෙ. මතුපිටින්ම ගන්න පුළුවන්, අඩු වියදමකින්. හැබැයි මේ වැලිවලට අලුතින් තව තාක්ෂණය අපට එකතු කරගන්න ඕනෙ. මොකද මෙයින් නිෂ්පාදනය කරන ඉල්මනයිට්, රූටයිල්, අර්කෝන්, මොනොක්සයිඩ්, ටයිටේනියම් මට්ටමට ගෙනියන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවා ලෝක වෙළඳපොලට හරියට ඉදිරිපත් කරගැනීමේ ප්‍රශ්නයක් අපට තියෙන්නෙ. ඒ සඳහා ක්‍රියාමාර්ග අපි සාකච්ඡා කළා.

පෞද්ගලික ඉල්ලුම්කරුවන්ට බලපත්‍ර ලබාදීලා රජයේ ආයතනයට බලපත්‍ර ලබාදීම ප්‍රමාද කිරීමේ ක්‍රියාවලියක් පහුගිය කාලෙ තිබුණා මේ ආයතනය දුර්වල කිරීමේ දේශපාලන වුවමනාවෙන්. මොකද මේ ආයතන තිබුණේ පාඩු ලබන ආයතන හැටියට පත්කරලා විකුණලා දාන්න. මේ ආයතන ලාබ ලබන්න පුළුවන් ආයතන, මේවා පාඩු ලබන තත්වයට හිතාමතා පත්කිරීමේ වැඩපිළිවෙලක් තිබුණා පහුගිය කාලෙ. කිහිපදෙනෙක්ගේ වුවමනාවන් නිසා සහ ඔවුන්ට උඩගෙඩ් දුන් දුෂිත දේශපාලනඥයින් නිසා මේ ආයතන පාඩු ලබන ආයතන බවට පත්වෙලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ විකුණන්න තිබුණු ආයතන රැකගෙන ජාතික ආර්ථිකයට උපරිම දායකත්වය දෙන්න පුළුවන් කියලා. ඒ වගේම අපට තවත් රාජ්‍ය අනුග්‍රහය වගේම ජාත්‍යන්තර ආයෝජකයින් කැඳවාගන්න අවශ්‍යයි මේ ආයතනය දියුණු කරන්න. ඒ සඳහා අපේ ආයතනය තාක්ෂණික වශයෙන් සහ අලුත් කිරීම වෙනුවෙන් වෙනත් රජයන් එක්ක අපි කටයුතු කරන්න, සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 29) ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් සමාගමේ පුල්මුඩේ කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...